Tuesday, April 24, 2012

ප්‍රශ්න නැති ජීවිත???....ජීවිත සමග ප්‍රශ්න...




 හිතන තරම් ජීවිත සුන්දර වුනානම්
කවුරුත් දිවිනහ ගන්න එකක් නැහැ..
හිතන තරම් ජීවිත අසුන්දර වුනානම් ,
ජීවත් වෙන්න කෙනෙක් ඉතිරිවෙන එකක් නැහැ..
                                  පැහැදිලි අර්ථකතනයක් දිය නොහැකි අකුරු හතරක්..'ජීවිතය'..,හරියටම "ආදරය" වගේ..මේ අකුරු හතරෙ වචන දෙකම-සතුට,කදුල,සුන්දර,අසුන්දර,හොද,නරක..-මේ හැම දේකම සන්කලන ස්ථානය කිව්වොත්??වචන දෙකටම සාධාරනයක් ඉටුවෙලා..
                                 ජීවිතේ ජීවත්කරවන ගොඩක් දෙනෙක් විසින් තම තමන්ගෙ ජීවිත වල,ආදරයෙ සමබර තාවය ඔවුන් විසින්ම බිද දමල..කෙනෙක් වැඩියෙන් හිනවෙනකොට තවකෙනෙක් හිනානොවීම අඩල..තවකෙනෙක් හිනාවවත් ,කදුලවත් නාදුනන ගානයි..;හිස් බව..හිස්බව කියන්නෙ මැදිහත් ජීවිතයද?මැදිහත් ආදරයද??මේ දෙකම නෙවෙයි නේද..?තවත් කෙනෙක් අදුරන්නෙ කදුලු විතරමයි..;කලුවර ජීවිත...
                               ජීවිතේ (ආදරය )අහස වගෙයි..සුදුපාට වලාකුලෙන් රටා මැවුන නිල්පාට අහස;ජීවිතේ සුන්දරයි,හිනාව පිරිල..සතුට උතුරනව වගේ..ඒත් මේ වගේ ජීවිත කොහෙද තියෙන්නෙ??ප්‍රශ්න නැති ජීවිත කොහෙද තියෙන්නේ??ඒකයි අහස උනත් වෙනස්වෙන්නෙ..
                              වෙනස්වෙන අහස;වෙනස්වෙන ජීවිත..නිල් පාට අහස..;ලස්සනයි කියල හිතුනත් තියෙන්නෙ හිස් බවක්,තනිකම..ජීවිතේ සමහර අවස්තා ලස්සනට පේන,හරයක් නැති මේ නිල් අහස වගේ නෙවේද??
වහින්න ඔන්න මෙන්න,ගෙරවුම්,අකුනු..;ඉරිසියාව,තරහව පිරුන ජීවිත වගේ..
කලු වලාකුලු පිරුන අහස..,සිත් පුරා කරුවල..තවමත් දුක දරා සිටින සිත්..පොද වැසි,මහ වැසි...;තවත් දරාගන්න අපහසුව,හිතට බර වැඩි නිසා..,ඇස් වලින් ඇද හැලෙන කදුලු...,අඩුකරන්න උත්සහ ගන්නේ හිතේ බර........
      විදවන්න්න හිතෙනවද??අසමබර කරගන්න..,
      සමබර කර විදගන්න..-ජීවිතය,ආදරය....
      ඔබේ ජීවිතයේ විදවීමේ,විදගැනීමේ අයිතිය සපුරාම ඔබ සතුයි..
                               
        

2 comments:

  1. මුලින්ම කියවද්දි හිතුන මේකි ගත්ත ඩිග්‍රියි, පාස් කරපු විභාගයි ඔක්කොගෙම වචන ඇදලා දාලා කියලා.....
    ඒත් මේ ටිකත් කියන්න ඕන. ලස්සනයි කෙල්ලෙ :)

    ReplyDelete
  2. බොහොම ස්තුතියි සමීර..:)

    ReplyDelete