Wednesday, May 9, 2012

තනිය...



බිම පුරා තැනින් තැන දුම් ගොඩක ඉතිරි අඩ
කාමරයෙ තැනින් තැන බෝතල්ය හිස්ව ගිය
තවත් එක මුල්ලකට ගුලි ගැසුන කොල ගොඩය
කාමරය,මගේ ලොව දෙකම උඩු යටිකුරුය....



දිගට හරහට වැවුන අපිලිවෙල රැවුල්කොට
කන්දෙකත් වසාගෙන ඝනව ඇති කෙස් ගොඩය
එහෙ මෙහේ හතර අත ඇදි නොඇදි වැරහැලිය
මා දුටුවොතින් දැනෙයි තනිකමේ විදවීම...



ඇස් තියන් හිස් අහසෙ, සිත දුවයි අතීතෙට
සරසවිය,මල් පාර,සෙවන දුන් අතු පතර
ඇය ගියා මා දමා අදුරුකර මගෙ ලොවම
යලි යලිත්,යලි යලිත් සිතීමේ ඵලය කිම..??



ඇස් කදුලු නොසැලුවද සිත පුරා ලුනු රසය
අනාගතයක් නොමැති, අතීතෙන් ඵල ඇත්ද?
විටෙක මැසිවිලි නගයි මගෙ සිතම, මා හටම
හෙට පටන් සිතමි මම,විදින්නට මේ තනිය....




Wednesday, May 2, 2012

තුනෙන් දෙකක්...



කොල්ල:මම බඹර වගේ විසේ කාරයා
            දෙබර වගේ ගනන් කාරයා
             මී මැස්සා වාගේ මම වැඩ කාරයා
            සමනලයා වාගේ මම හැඩ කාරයා ......
           


කෙල්ල; ආලෙන් වෙලාගන්න කෝලම් කලා
             හිත ආලෙන් මුදාගන්න වෑයම් කලා
             මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා....




කොල්ල; ඔබයි මගේ ජීවිතේ 

              හර්දේ විකාර වේ......





කෙල්ල;යනවානම් අනේ මන් අරන්
            යන තැනකට යන්න රත්තරන්
            හිගා කකා කොලපතක් අරන්
            ලුනුයි බතුයි කමුකො රත්තරන්...

කෙල්ල;කැදැල්ලෙ  ඇතිවූ කිරිල්ලී වගේ-දෙමාපියන් සෙවනේ..
            නිදැල්ලෙ උන්නේ මා විනෝදයෙන් සිත අමෝද සහනේ..
            මන්ගල නැකතින් පෙම්බරයෙකු හා හෙට මා පිටවෙනවා..

කෙල්ල;ගාට ගාට ඇවිදින් -ඇස් දෙක වහලා හිනාවෙන්න
             ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න..
             රෑට රෑට ඉහ ඉද්දර කොදුර කොදුර කවි කියන්න..
             පාට පාට  පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න....

                   
                     ඔබ හීනයක් වගේ
                     හාදු වැස්සක් ගලයි....




ප්‍රර්තනාවක්:සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඩින් ගෙන
                   පැදකුනු නොකලත් සිරියහනේ
                   පෙරුම් පුරා මා කුසට පැමිනි බිලිදු
                   මට රජ පැටියෙක්........


 අලුත් සාමාජිකයා<දුව/පුතා>;
                  සුලගක් වී මම යනවා -දුර අහසේ ඇවිදින්නට..
                  අප්පච්චි කොහොමද මම අල්ලන්නේ...


ගෙවුන අතීතයේ සුන්දරත්වය සිහිපත්ව:
            සරස වසන්තය ආයෙත් එනවානම්..
            අපේ අතීතයෙ මන් මාවත්වල ඇවිදන් යන්නට..
            සරස වසන්තය ආයෙත් එනවානම්..




දැනට ආදර කලත් නොකලත්..,
ජීවිතේ සැදෑ සමයෙදි කවුරුත් ආදරෙන් මතක්කරයි ගෙවුන සරස වසන්තය...

සරස වසන්තය ආයෙත් එනවානම්....

(ප.ලි. :දැන් සමහරු කල්පනා කරයි මේකට -තුනෙන් දෙකක්- කියල නම වැටුනෙ කොහොමද කියල..මෙහෙමනේ..ජීවිතය කියන්නේ චක්‍රයක්නේ..ඔය චක්‍රාකාර ජීවිතේ ගෙවන මනුස්සයෙක්ගෙ සාමාන්නය ආයු කාලය අවුරුදු 75ක් වුනොත්,වයස 25කින් වගේ පරස්තවක් කරගෙන,පවුලක් පන්සලක් වෙන කෙනෙක්ගෙ එතැන් පටන් ජීවිතේ සැදෑ සමය වෙනක්න්ම මෙකෙන් විස්තර කරන නිසයි මේක,තුනෙන් දෙකක් වුනේ..)