Thursday, February 16, 2012

ආදරනීය චාරිකාවක්....


      හීන් වැසි..පොද වැසි...ගිගුරුම් සහිත මහ වැසි...ඇගේ සිතටනම් වැටුනේ මල් වැසි...ගෙදරට පොඩි බොරුවක් කියල වෙනදට කලින් ගෙදරින් පැනගත්තු මදාරා අඩියට දෙකට පාරට දිව්වෙ පොරොන්දු වෙලවට වඩා දැනටමත් විනාඩි15ක් 20ක් ප්‍රමාද නිසා.,පාර පුරා දුවන වාහන අතරෙ ඇගේ ඇස් හෙව්වෙ ඇය කැමතිම පාටකින් හැඩවුන ඔහුගෙ  මොටර් රථය,"ඉක්මනට එන්න.."ඔහුගෙන් ලද හස්ත සංඤාව සමගම ඉක්මන් අඩියෙන් පාරෙ අනිත් පැත්තට ගියේ හීන් පොදයෙන් නොතෙමි ඉන්න වගේම කවුරුවත් දකියි කියන බයට..
ඔහුගෙ ඇස් රැදිල තිබුනෙ අගේ සායෙ.."හෙට එනකොට ටිකක් දිග සායක් ඇදන් එන්න" කලින් දවසෙ මදාරට ඔහුගෙන් ලබුන අණ..අණ හරියට පිලිපැදල..ඔහු සැක හැර දනගත්ත.."අපි යමුද?" හඩ මදාරගෙ,යන්නෙ වන්දනා ගමනක්..ආදරනීය වන්දනවක්..ඇය හිතින් "බුදුසරනයි"හිතුව..
      වැස්ස තව තද කරල..දැන් අපි හිතනවට වඩා වෙලාවක් යයි ගමනට..එහෙම කිව්ව මලිත් කිලො මිටර106 ගමනක් ගැන කල්පනාවක වැටුන..වැස්ස කපාගෙන මොටර් රථය ඉදිරියට ඇදෙනව..මදාරගෙ දකුනු අත මලිත් ගෙ වම් කකුල මත..හමදාමත් එකට ගමනක් යනකොට පුරුද්දකට වගෙ එහෙම තියාගන්නෙ හමදාම වගෙ අදත් මම ඔයාගෙ ලගම කියන්න වගෙ..ඔයාට බඩගිනිද?නැහ්..මලිත් පාරදිහා බලාගෙනම උත්තර දුන්නා..ඔයාට?නහැ, මදාරගෙ හඩ..ටිකකට ආයෙත් නිහැඩියාව රජවුනා. අතර මදාර හිතතත් එක්ක වෙන ගමනක..හිතිවිලි සයුරක ..ටිකටික වැඩිවෙන මදාරගෙ බඩගින්න ඇගේ සිතිවිලි වලට බධා කලා,'ඔයාට බඩගිනි නැද්ද??"අය ආයෙත් ඇහුව..නැහැ..මට බඩගිනිනී.. ඇයට වචනෙ දිගට කියවුනේ බඩගින්න වැඩිකමට වෙන්න ඇති,මලිත්ගෙ මුනෙ සමචිචල් හිනවක්..ඉතින්  කලින් කියන්න එපැයි..අපි ඉස්සරහින් නවත්තල කමු.,මලිත් යෝජන කලා....උදේට කන්න කියල මට ගෙනාපු කෑම වලින් මාලු පාන් එකකුයි කිඹුලෙකුයි මම එහෙමම බෑග්එකේ ඔබාගතත්,කන්න වෙලවකුත් නොතිබුන නිසා..මදාරගෙ මුනෙ පුන්චි හිනවක්..වෙලාවෙ හැටියට ඒකත් මරු..මගෙ අර්ථික තත්වෙ එචිචර හොද මදි ..මලිත්කිව්වෙ කටකොනින් හිනවෙමින්..දෙන්නම එකට හිනා උනා..සල්ලි වලට ගන්න බැරි  හිනාව,සතුට ජිවිතේ ලස්සන පැත්ත කියල දෙනව..ඔයා ඩ්‍රයිවි කරන්න..මම කවන්නම්..හ්ම්ම්..අයෙත් ඇගේ කට පුරා හිනාවක්..මලිත්ගෙ කට වටේම සීනි..කිඹුල්ලු කාල..ටිෂු කදසියකින් මලිත්ගෙ කට වටේ පිහදාන ගමන් ඇයට කදුලු එන්න ආව.ඇස් වලින් කදුලු පනින්න බලාඉන්න එක ආදරේ හැටියක්ලු..මෙහෙම ලගින් ඉදන් ආදරෙ විදගන්න වෙන්නෙ තව ටික කාලයයි..ආයෙත් යන්න වෙනව ලංකාවෙන් ගොඩක් දුරඈතකට..හමදෙම වෙන්නෙ හොදටනෙ,මදාර තනියෙම කියෙව්ව..හිතට..
                මග සලකුනු කියමින් ,වැස්ස අතරින්,වැහි අදුර මැද්දෙන් ඉදිරියට ඇදුන  ඔවුන්,වෙල් යායක් කෙලවර වෙන තැනක පරෙ අයිනෙ තිබුන පන්සලක් ගාව රථය නතරකලා..ඔහුගෙන් ලබුන රුපියල් විස්ස පින් පෙටිටියට දාල ඇය ප්‍රාර්ථනා කලේ කරදයක් නතුව ගිහින් එන්න ලබෙන්න කියල..සමහරවිට ඔහුත් ඒකම හිතන්නන ඇති..ආයෙත් වැස්ස තදකල නිසා දෙන්නම බගෙට තෙමිගෙන කාරයට ගොඩ උනා,කලින් දවසක මෙතැනදිම සිදු වුන අතීත කථාවක් කියාගෙනම මලිත් දාගෙන හිටි සපත්තු දෙක ගලවල බෑග් එකෙන් ගත්තු,කවදත් දෙපයට සනීපයි කියල දැනගෙන උන්න රබර් සෙරෙප්පු දෙකක් දාගත්ත..මොකද මදාර වගේම මලිත් ගෙදරින් පැනගෙන තිබුනෙත් අම්මට ලොකූ බොරුවක් කියල..මහ බොරු කාරයො දෙන්නෙක් වන්දනවෙ යනව..මදාර පටන්ගත්තු හිනාව මලිත් අවසන් කලා..
             ගමනට හිතුවත වඩා වෙලාවක් ගතවුනා..වැස්ස ඔවුන්ට හරස් වුන නිසාවෙන්ම..,"චිිරිස්"..පාර අයිනටවෙන්න තිබුන මඩ වලකටත් පැනල ඇසිලල්ලෙන් ඉගිලුනේ ත්‍රී වීල් එකක්..පරෙ අයෙනෙන් ගිය සුදු පාතට ඇදගත්තු ගෑනු ලමයෛක්ට මඩ වතුර ඉහගෙන...." පව් අර ලමය..මහ මෝඩයෙක්...,'අනුන්ගෙ දුක්ට පව් කියන අයත් අදකාලෙ හරි අඩුයි..මලිත්ගෙ ආදරනීය හිතට මදාර කවදත්ආදරේ කලා..
              එදා නිවාඩු දවසක් නොඋනත් නාගරික රථ ගා‍ල වාහන පිරිල,අමරුවෙන් තැනක් හොයල කර් එක පාර්ක් කරල ලොකු කුඩය එක අතකින්,  මදාරගෙ කරතට අනිත් අතදාගෙන එලියට ආව..හීනියට ආයෙත් පොදයක් වැටෙනව..අපි පින් කරන්න ආව නිසා වෙන්න ඇති..මදාර හිනා උනා..වැස්ස ටික ටික වැඩිකලා..තාලෙට වැටෙන වැහි පොදට තෙමිගෙන දෙන්නම නුවර වැව රවුමට ගොඩවුනා...කොච්චරනම් ආදරනීය හිත් මෙි වැව රවුමෙ අද අපි යනව වගේම ගමන් කරන්න ඇතිද.., ආදරනීය හිත් කීයක් අද එකතුවෙලා ඇත්ද..කියක් වෙන්වෙලා ගිහින් අත්ද..වැව දිහා බලාගෙන අඩිය ඉක්මන් කරන ගමන් මදාර හිතුව..
                                 වැසි වැටෙයි-හත්පස අදුරුයයි..
                                  නුඹ මටම උරුමයයි-ආදරය සොදුරුයි..
මදාර හිතින් කවි පද ඇමිනුව.. මදාර තනියෙම මලිත් එක්ක ගෙදර හොරෙන් ආව වැඩිම දුර..හිතේ කිසිම දුකක්වත් බයක් වත් නැහ..පිරිල ඉතිරිල යන සතුට   ඇගෙ මුලු හිත පුරාම දෝර ගැලුව..විශ්වාසා පරමා ඤාති--සංතුටිටි පරමන් ධනන්..බුදු දහමෙ කියන්නෙ එහෙම..මම අද යන්නෙ මගෙ ජිවිතේම කොටසක් එක්ක..ආදරේ කොචිචර සොදුරුද..ඇය තනි හිතට  හිතාගත්ත..මලිත්ගෙ විහිලු  ගොඩක් එක්ක දෙන්නම මාලිගාවෙ දොරටුව ලගටම ඇවිත්..
               මොන මල්ද ඔිනෙ??අපි සුදු නෙලුම් ගමු??,හ්ම්ම්..මල් දහයක් විතර තිබුන වටටියක් පෙන්නල පනහයි පනහයි කියල කෑගහන මල්කඩෙි කොල්ල,මල් ගන්න ගියාම සීයයි සීයයි කියන්න වුනා..මලිත්ට ටිකක් කේන්තියි.."මුන් මෙතන කරන්නෙත් බොරුවමයි..මට  ගන්න හිතෙන්නෙතත් නැහැ..මම දීල එන්නද?"..අනේ මොකුත් කියන්න යන්න ඔීනෙ නැහ, අරන් එන්න..අපි මොකටද මෙතනට අවිල්ලත් හිත් නරක් කරගන්නෙ..ඇය මලිත්ගෙ තරහ නිව්ව..මල් වත්ටිටියත් අරගෙන මාලිගවෙ දොරතටුවෙන් ඇතුල්වෙලා දෙන්නගෙම වතුර බෙිරෙන සපත්තු පාවහන් ආරක්ෂා කරන තැනට බාරදුන්න මලිත් මදාරතත් එක්ක දළදාව වදින්න මලිගාවට අතුලු වුනේ පහන් සිතින්..
              දෙන්නගෙම අතින් සුදු නෙලුම් මල් වට්ටිය පූජ කරල අත්දෙක නලලෙ තියල ,ඇස් පියාගෙන බුදුන් වැන්ද..මේ සංසාරෙ පතාගෙන එන ආදරයක්..මලිත්ගෙ ආදරේ හැමදාම මගෙ වෙන්න..ජීවිතේ කියන්නෙ දුක් ගොඩක් .  දේ මම හොදට වටහගෙන තියෙන්නෙ..ජිවිතේදි කිසිම දුකක් කරදරයක් නොවෙන්න කියල  ප්‍රාර්තනා  කරන්න බැහැ මට..එත් එන හැම දුක කටම කරදරයකටම  සාර්තකව මුනදෙන්න ශක්තිය ලැබෙන්න කියල ඇය ප්‍රාර්ථනා කලා..
තවත්වෙලා මෙතන ඉන්න වෙලා නෑ මදාර ,අපි යමුද?හ්ම්ම්ම්..යනගමන් මල් වත්තෙ ටිකක් අවිදල යමූ..මොකෝ මුන ඇද කරගත්තෙ??මගෙ කකුල් රිදෙනව වගෙ..ඒකියන්නෙ යන්න බෑ??ඇය ඇහුවෙ හිතේ නොතිබුන අමනාපයක් මුනෙ මවාගෙන..හරි හරි යමු..මලිත් ආයෙත් ඇගෙ අතින් අල්ලගෙන මාලිගාවෙ භූමියෙන් එලියට ආව..එලියට එන තැන කුනු වතුර ගලන කානුවෙ , පිරිසිදු කරන මනුස්සයෙක්..මහ වැස්සට තෙමිගෙන කානුව අස්කරනව මලිත් දිහා ඇගිල්ල දික්කලා...පව්..මදාර මුවින් පිට කලේ එකක වචනයයි..මේවගේ අසරන ජිවිත තව කොච්චර ඇත්ද.. මිනිස්සු ජීවිතය ගැටගහගන්න කොච්චර වෙහෙසෙනවද ..ඇය තනියෙම කල්පනා කලා..
             මේ  මාලුව මැරිල මම හිතන්නෙ..මෙහෙම පැත්තට ඉන්නෙ..මලිත් වැවේ ඉදිය ඉද හිට  පැත්තට පිනන මාලුවෙක් පෙන්නල පුන්චි විහිලුවක් කලා..මදාරට හිනායන්න ඔන්න මෙන්න.ඇය කට පුම්බගෙන හිනව තදකරගත්හ..වැවෙ ඈත කොන දිහා,වව් ඉස්මත්තෙ කදු යායෙ ඈතින් පෙනෙන ගොඩනැගිලි,වැවට නැවිල වතුරෙ නෑවෙන මාරගස්වල අතු රිකිලි,හාත්පස වැහි අදුර..මේ හැමදෙයක්ම මදාරගෙ හිතේ ලස්සන රෑප මැව්ව.. ලගින්ම ඉදගෙන කනට කරල මොනවදො බොරු වගයක් කියන මලිත් මදාරගෙ හිතේ මැවෙන රෑප වලට එකතු වුන පුංචි සන්ගීතයක් වගෙ.."මහත්තයා,සාස්තර කියනවා..",නෑ නෑ එපා..සුදු නෝනා සාස්තරයක් අහමු..මදාරට මහ හයියෙන් හිනා ආව..දෙන්නම අමරුවෙන් සාස්තර කරියන්ගෙන් බේරිල වැව් බැම්ම දිගේ ආයෙත් කාර් පාර්ක් එකට..දන්නවද මලිත් ,මම මේ වැව වටේම පයින් ගිහින් තියෙනව..හීනෙන්ද??බොරු නෙවේ අනේ..එහෙනම් බස් එකක වෙන්න අති..යනව යන්න ,මෝඩය..මදාර මුනෙ බොරු තරහක් මවා ගත්ත..
               උනු උනු පාන් ..පරිප්පු හොදි..ඔයාටත් සුවද දැනෙනවද??ලන්කාවට අවත්හරි පානුයි පරිප්පුයි කෑවෙ නෑ..හ්ම්ම්,මගෙ නහයටත් සුවද ආව,එන්නකෝ.. අපි සුවද දිගේ ගිහින් ගිහින් කඩේ හොයාගමු,මලිත් මදාරගෙ කරට අතකුත් දාගෙන ආයෙත් කාර් පාර්ක් එකෙන් එලියට..වෙලාව දවල් එකත් පහුවෙලා නිසා මදාරත්  හිටියෙ ටිකක් විතර බඩගින්නක..කාර් පාර්ක් එකෙ එක දොරකින් පිටවෙලා වටයක් කැරකිල දෙන්නම අවිත් තියෙන්නෙ අනිත්දොර ලගට..මේකනම්  කාලෙ නාස්ති කරල මල්වත්තෙ නොගිහින් යන්න මලිත් කල වැඩක්..දැන් නම් මදාරට අත්ටතම ටිකක් කෙන්තියි..ඉතින් මමත් දන්නෙ නැහැනෙ,මොකද  මම මෙහෙ නෙවේනෙ..මලිත් නිදහසට කරුනු කියන ගමන්..හිතේ තිබුන කේන්තිය දෙගුන තෙගුන කරල මුනෙ ඇදගත්තු මදාර මලිත්වත් ඇදගෙන කාර් එක තියෙන තැනට ගියා..අපි යමු..තවමත් මදාර කෙන්තියෙන් බව ඇය ඇගෙව්වෙ මලිත්ට තමන්ගෙ හිතේ තියෙන කෙන්තිය දැනෙන්න අරින්න ඕනෙ නිසා..
                 පේරාදෙනිය උද්බිද උද්‍යානය..ඒත් එක්කම වන්ගුව අයිනට වෙන්න වාහනේ නවත්වල දෙන්නම බැහැ ගත්ත..තවමත් වැහි පොද හීනියට වැටෙනව.. මල් වත්තෙ දොරටුවෙන් ඇතුලු වෙලා  ,හෙමින් අඩිය තියන ගමන් වටපිට ඉන්න මිනිස්සු ගැන මොකක් හරි ඇදයක් කියල හිනාවෙන්න මලිත් අමතක නොකලෙ ,තමනුත් කට ඇති පුතෙක් කියල ඔප්පු කරන්න වගෙ..අවුරුදු ගනනාවක් පුරා  සීතල පරිසරයෙ සැපට වඩුන මහ ගස් කොලන් වල අතු රිකිලි අහස වහගෙන විහිදුනා.. ගස්කොලන් වලින් වැටුන පුන්චි කහපාට කොලපාට දුඹුරුපාට කොල වලින් හැඩවුන පාර දිගේ මදාර මලිත්ගෙ අතේ එල්ලිලා හෙමිහිට අඩි මැන්න..මදාර හැමදාමත් ආස කල උසට වැවුන පාම් ගස් පාර..එක පැත්තකින් උසට පෙනෙන පාම් ගස් වල ඈත කොන පෙනෙන්නෙ කොටට..ඉස්කොලෙදි චි්‍රත්‍ර පන්තියෙ ඉගෙනගත්තු  පාඩමක් -අපරිමේය-අනේ මන්ද..හරියට නම මතක නැහැ..ඇය ගස් දිහා බලන් ඉදිය..කොහෙද මන්ද දුර ලොකු ගහක ඉදිය වවුලො වගයක් කෑගහගෙන ඉගිලිල ගියා..
               හාත්පස අදුරුයි..ලොකු රෑස්ස ගස් නිසා ..වැහි අදුර විසින් අදුර තව වැඩි කරල...ගස්වලට මුවා උනු ආදර වන්තයො..ආදරෙ කරනව??වෙන්න ඇති...මදාර තනියෙම හිතුව..මලිත්,මට කිස් එකක් ඕනෙ..හිතේ තෙරපුන පුන්චි අසාවක් ඇය අකුරු වලට හරවල මලිත්ගෙ කනේ තිබ්බ.. ඇය පුරුදු උන විදිහ..හරි කියල අයත හිතුන විදිහ..ජීවිතේ හරි කෙටියි,අපිට ඕනෙ කරන හැමදේම අනිත් කෙනගෙන්  හිතන වෙලාවටම ලැබේයි කියල අපි බලා පොරොත්තු වෙන එක අසාදාරනයි..මොකද මිනිස්සුන්ට අනිත් කෙනාගෙ හිත කියවන්න පුලුවනෑ??, නිසා ඕනෙ දේ කෙලින්ම කිව්වම ජීවිතේ කෙටි කාලේ  සතුටින් ඉන්න පුලුවන්,ඇය හිතුවෙ එහෙම...'ඉස්සර වගෙ නෙවේ..අපි දැන් ලොකුයි..එහෙම අපිට ඕනෙ විදිහට හැසිරෙන්න බැහැ ..අපි දිහා බලාගෙන ඉන්න අය ගැනත් අපි හිතන්න ඕනෙ..ඒනිසා......, වෙන වෙලාවක..මලිත්ගෙන් ලොකු  ලෙන්ගතු කථාවක්..මදාරට හිනහ යන්නත් එනව..ඒත් කියපු කථාව සම්පුර්න ඇත්ත..නිෂ්ෂබ්ධතාවයෙන්ම ඇය කථාව ස්ථිර කලා..මලිත්ගෙ අතේ එල්ලිලා උද්යානයෙ මල් තියෙන පැත්තට යන අතරෙ කවුරැත් පේන්න  නොහිටි තැනකදි ඇගෙ ඉල්ලිම නොහිතු වෙලාවක මලිත් ඉටු කලා මදාරගෙ තොල් පෙති මත පුංචි හාදුවක් ලෙසට..අපි යමු නේද?හ්ම්ම් යමු..තව හිටියොත් ගෙදර යන්න පරක්කුවේවි..ඇය කට කොනින් හිනා උනා..යන අතරෙ කොස් ගහක තිබුන පුංචි කොස්ගෙඩියක් ඇය කමරවෙ සටහන් කරගත්ත..මෝඩියේ ,ඔය කොස්..හ්ම්ම් ,කොස් තමයි.. ආයෙ අවුරුදු දෙකකට ලංකාවට එනකන් දකින්න නොලැබෙන කොස්..මදාර ටිකක් හයියෙන් හිනාවුනා..මදාරගෙ ඉනවට අත දාගෙන මලිත් පිවිසුම් දොරටුවට පියවර මැන්න..
             මදාරා,බඩගිනියි නේද??හ්ම්ම්..නැහ්..ඇයට කියවුනා..බඩගින්නට මගෙ මුන ඇද වෙලාවත්ද..අත්තටම මට බඩගිනියි..මදාර තනියෙම හිතුව..ලා කහ පාටට ,දුම් දම දම තැම්බුන ඉරිගු..පාරෙන් ටිකක් අයිනට කරල කාරෙක නතරකරල දෙන්නම  ගිහින් ඉරිගු අරන් ආව..තවත් ටිකක් දුරගිහින් හෙවනක  වාහනෙ නතර කරල දෙන්නම උනු උනු ඉරිගු වල රස බැලුව..ලුනු ටිකක් මදි..මලිත් ඉරිගු වල ගුන අගුන කිව්ව අතරෙ මලිත්ගෙ දුරකථනය නාද උනා.."කොහෙද මචන් ඉන්නෙ?",මම මදාර එක්ක ටිකකට නුවර ආව..දැන් එන ගමන්.. මලිත්ගෙ හොද යාලුවෙක්,'එහෙනම් මදාරත පරිස්සම් වෙන්න කියපන්"එහා කොනෙන් පොඩි විහිලුවක්..කථාව විහිලුවට කිව්වත් මලිත්ගෙන් පරිස්සම් වෙන්න තරම් බයක හිතිවිල්ලක් කවමදාවත් මදාරගෙ හිතට ඇවිත් තිබුනෙ නැහැ..මලිත් එක්ක ලෝකෙ අනිත් කොනට ගිහින් එන්න උනත් මදාරට පුලුවන් උනා..මදාර හැමදාම විශ්වාස කලා,-ඇත්තටම ආදරෙ කරනකොට කවදාවත් අනිත් කෙනාට හානියක් අගෞරවයක් එකිනෙකගෙන් අත්වැරදිමකින්වත් වෙන්නෙ නැහැ කියල..මලිත් කියන්නෙ මදාරට  මේ ලෝකෙ ලැබෙන එකම අවන්ක ආදරය..ඇය තුන් හිතින්ම විශ්වාස කලා..
            හ්ම්ම්..තුනත් පහුවෙලා..අපි කෑම කාල යමු..හ්ම්ම්..මොනවද කන්නෙ?ෆයිඩ් රයිස්??හ්ම්ම්..බොන්නෙ?කොක්??හා.. චිකන්  ෆයිඩ් රයිස් එකයි..කොක් එකයි..හැමදාමත් මලිත් මදාර මුනගැහුන දවසට ගත්තෙ එක කෑම එකයි..එකක් දෙකට බෙදාගෙන කන්න හරි එකම පිගානක  කන්න හරි දෙන්නම ආස කලා..අන්නසි පෙත්ත මදාරගෙ පිගානට බෙදන ගමන් "දැන් කෑවොත් විතරයි,තව ටික දවසකින් ඔයාට  අන්නසි තහනම් .. ඒක කරන්නෙ මම'මලිත්ගෙ කටකාර කටින් පුංචි විහිලුවක්..මදාර කට තදකරගෙන හිනා උනා..දෙන්නම ඉක්මනින් කෑම කාල එලියට බැස්සෙ අද පරක්කුවෙලා ගෙදර ගියොත් දෙන්නම අතේ මාට්ටු නිසා..
            උදේ තිබුන වැහි අදුරෙ කිසි වෙනසක් නැහැ..වෙලවෙ වෙනස ඇරෙන්න..පාර දෙපැත්තෙම රතු පාට ලොකු රඹුටන් ගොඩගහපු කඩ ආ මගේ හැඩ හුරැව වෙනස් කරල..රඹුටන් කමුද??හ්ම්ම්.. මලිත් ගෙනා රඹුටන් වලින් එක ගෙඩියක් දත් වලට තියල ලෙලි යවූ  මදාරට ආයෙත් මලිත්ගෙන් දැනමුතු කමක්..ඕවයෙ මොන ජරාව තියෙනවද  දන්නෑ??කටින්ද ලෙලි අරින්නෙ??හැමදාම නැහැනෙ..මදාරගෙ මුනෙ පුංචි දගකාර හිනාවක්..දෙන්නම බෙදගෙන රඹුටන් කෑව.වෙරලු ගෙඩිය හත්දෙනෙක් කෑවනම් අයි මේක අපිදෙන්නට මදිද..ඇය තනියෙම හිතුව..මේ ඉතුරු ටික මගෙ නෑනටයි අම්මටයි..මතක ඇතුව ගිහින් දෙන්න..ඇය මලිත්ට මතක් කලා..
                  වැහි අදුරෙ,පොද වැසි මැදින්..මග විස්තර කරමින් ,පරක්කු නිසා කෙටි මාර්ගවලින් ..දැන් මදාරගෙ ගෙදරට යන පාරලග,වෙනදට ගෙදර එන වෙලවට වඩා ටිකක් පරක්කුයි..ඇගේ හිතට දුකයි..ගෙදර යන්න නොහිතුනත් මලිත්ව දාල ,යන්න වෙනව..හිතයට වැටුනෙ වෙන්විමෙ දුකට කදුලක්.. කදුල ඇස්වලින් මතුවෙන්න ඇය ඉඩ නොදුන්නෙ මලිත්ගෙ හිතට දුකක් දැනෙයි කියල..ආදරනීය හිත් වලට කදුලු සම්පතක්ලු,ඇය හිතුවෙ එහෙමයි..ආදරෙන් ගතකල පැය කීපයක්..ආදරනීය චාරිකාවක් නිමයි..හදවතේ තැනක ආදරනීය මතකයක්..කවමදාවත් අමතක නොවන...මදරගෙ නලල මත පුන්චි හාදුවක් සීරුවට සටහන් කල මලිත්ට 'පරිස්සමෙන් ගෙදර යන්න'කියමින් සමු දුන්න..
 ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්-බුදු බන හැමදාම ඇත්තක්
 හිතේ මහ සතුටක්-වැටුනෙ අද මේ සොදුරැ වැස්සක්...
කවි පදයක් හිතින් ගොතමින් කිසිම අමුත්තක් නැතිව  පුරුදු විදිහටම ඇය ගෙට ගොඩවුනා....
              

         
             
              

No comments:

Post a Comment