Sunday, June 24, 2012

සොදුරුයි සිහිනයෙන් නම්...හැබැහිනුත් එසේමද???



               වෙනද වගේ උහුලගන්න බැරි රස්නයක් නොතිබුන නිසමත් නෙවෙයි, වචනයෙන් කියල ඉවරකරන්න බැරි පාලුවක් හිතට දැනුන නිසයි නිදහස් තැනක් හොයාගෙන යන්න කියල හිතගෙන මම එලියට බැස්සෙ..වෙනද වගෙම සැපට දුකට හිට්ය බෑග් මල්ල මගෙ එක උරයක එල්ලුනා..විශ්ව විද්යාලයේ වත්ත මායිමෙන් එලියට ඇවිත් තාර පාරට වැටුන මම ඔහේ ඉදිරියට ඇදුන..වෙනද සීතලට කොල හැලිල නිරුවත්ව හිටි දූවිලි වැදුන ගස් වලට අලුත් ඇදුම් ලැබිල ,තාර පාරට උඩින් කොල පාටින් වියන් බැදල තිබුන..හිතෙ තිබුන පාලු,ඈලි මෑලි ගතියට ඒ හෙවන අස්වැසිල්ලක් උනා,මම ඔහේ ඉදිරියට ඇදුන..
              වේගයෙන් ඇදෙන වාහන අතරින් පාරෙ අනිත් පැත්තට මාරුවුන මම,අදුරු පැහැ වතුර ගලපු දිය පාරට උඩින් වැටුන පාලමට ගොඩ වෙලා කලු පාට වතුරෙ එහෙමෙහෙ දුවන පුන්චි මාලු රන්චු දිහා බලන් හිටියා...අවට මොන තරම්  ජීවත්වෙන්න නුසුදුසු උනත් උන් තමත් ජීවත්වෙන්න සටනක,.උනුත් අපි වගේ..මට හිතුන..

             පලල් තාර පාර දෙපැත්තෙ උසට  වැවුන කලු පාට කදක් තිබුන ගස් වල ලා කොලපාටට කොල හැදිල මුලු පාරම හෙවන කලා..අතරින් පතර ගස් කොලන් අතරින් පෙනුන තට්ටු කීපයක් උස දේශන ශාලා..පේරාදෙනියත් මේ වගේ වෙන්නැති..නොගිය මම නොදන්නා,ගිය අයට මිහිපිට පාරාදීසය..මට හිතුන..

                        නිවාඩු දවසක් උන නිසාම ටිකක් වැඩියෙන් සෙනග ගැවසුනා..මම හොයපු නිහඩ තාවය හොයන් මම ඉදිරියට ඇදුන..වැදියෙන් ගැවසුන තරුන්ය,මගේ හිතෙ තිබුන පාලුව කලකිරිමේ ගතිය තව තවත් වැඩිකලා..ටිකක් විශාල පොකුනක එක මායිමක සරුවට වැවුන මලින් පිරුන පාත්හි..අතරින් පතර විහිදුන අතු සහිත උස ගස්..සෙවනැති හැම තැනකම නිසොල්මන්ව හිදින ගල් බන්කු..'මේ පරිසය මගේ හිත නිවයි',මට හිතුන..ගහකට මුවාඋන නිසොල්මන්ව තිබුන ගල් බන්කුවක් මත ඉදගෙන ඔහේ පොකුනට නෙත් රුවන් හිටිය..

                     ඇස් මානෙ තිබුන හැම බන්කුවකම තරුන ජෝඩුවක් ආදරයේ උනුසුම වින්ද..හොර රසේ මොන මොනවදෝ  කෙදුරුව..මේ කොදුරන්නෙ අතීතයද ගැනද,වර්තමානයද,එහෙමත් නැත්නම් අනාගතයට බලාපොරොත්තු ගොඩ ගහනවද,මගේ හිතේ තිබුනෙ ප්‍රශ්නාර්තයක්-දැක ඇති ,විද නැති ආදරයේ උනුසුම..මල්ලෙන් එලියට ගත්ත පොතක නොලියූ පිටුවක් හොයාගත් මම හිතට එන සිතුවිලි එක එක ඇමිනුව.. ලියවුනේ කවියක්ද??අනේ මන්ද..වෙන්න ඇති..මාතෘකාව;'මට සිහිනයක් එය,සුන්දරව දකින'...තරුන ජෝඩුවක් ඉදගන්න තැනක් හොය හොයා පියවර තිව්ව..මේ බන්කුව උඩ තනි මම  තනියෙම මොකටනම් තනිකම විදවනවද.. දෙන්නට ඉඩ දීල මම නැගිටල ආපසු හැරුන..

                   කොලපාට වියනෙන් හෙවන දුන් මග දිගේ පසු ගමන් කලා..එක සැරෙන්ම අහස කලු උනා..හීනියට පොද වැටෙන්න ගත්ත..පොද වැස්ස මහ වැස්සකට හැරුන.. වැස්සෙ මම තෙමුන..ආදරෙත් මේ වගේ වෙන්නැති,නොහිතපු වෙලාවක මගේ ජීවිතේට ඒවි,පොද වැසි මහ වැසි වුනා වගේ වේවි,, ආදරනීය වැස්සෙ මම තෙමේවි,අද වගේම..

                  තරුන ජීවිත ආදරයක් නැතිකම, නිදහස.., ලොවක් ඉදිරියේ මහා උජාරුවෙන් වින්දත්,තනියෙම තනිකම විදවනව..හරියට මම වගේ,පෙම්වනුන් නොවුන,හුදකලා ජීවිත ගෙවන අනිත් අයටත් මට වගේම දැනෙනව ඇත්ද..??එකම එක ප්‍රශ්නයක් තියෙනවා අහල දැනගන්න ඕනෙ, ආදරය විදින අයගෙන්..ආදරය කරන අයගෙන්..'දැනෙන විදිහට ආදරය සොදුරු සිහිනයක් මට,හැබැහිනුත් එහෙමමද???



Sunday, June 17, 2012

.......තටු ලදිමි-පියඹුවෙමි-සීමා මායිම් දැන උන්නෙමි.........



                  අවුරුදු දහසයක් - දාහතක් වෙනකොට ලමයෙක් හොයන්න පටන්ගන්න..,විදින්න කැමතිවෙන 'නිදහස'...ලමයෙක්ට යායුතු මග වගේම නොමගත් පෙන්නනව..ඒ වයස වෙනකොටත් මොනයම් හෝ කටයුතකට අම්ම තත්තා ඇතුලුව පවුල් පරිසරයෙන් වෙන් නොවී ඉන්නවනම් ලමයෙක්  පහසුවෙන්ම හරිමග හොයගන්නවා..ඒ මග ගමන් කරනව..ඒත් මේ වයසෙදි ලමයෙක් මග නොමග කියාදුන් අම්මගෙන් තත්තගෙන් වෙන්වෙනව කියනෙ හරි දේට වඩා වැරද්දට පහසුවෙන්ම ඇදෙන හිතට නිකම් 'ඉබ්බ දෙයේ දාන්නද ඇහුවම ඇන්නෑවෙ 'වගේ දෙයක්....


                   ඔන්න ඔය කියන වයසෙදි ,තනියෙම පාර හොයගෙන ජීවත්වෙන්න කියල  හැදුන වැඩුන පරිසරය අත් කිලෝ මීටර දහස් ගනනක් ඈතට ආපු අපිත් දියේ දාපු ඉබ්බො වගේ..සමහරු කලුවරෙම අඩිය තියනකොට-ඇස් තිබුනත් ඔහේ අඩිය යන අතකට යනකොට,අපි ඉටිපන්දමක්වත් පත්තුකරගත්හෙ නොමග යන්න බැරිකමට වගේම කලුවරට තිබුන බයට.. 


                  ආයෙත් ජීවිතේ කවදාවත්ම නොලබෙන දෙයක් උපරිමයෙනුත් එහාට විදින පිරිසක් අතරෙ අපි අපේ නිදහසට  නොපෙනෙන සීමා මායිම් වැට කඩුලු බැන්දෙ උපරිම නිදසේ විදීම විදවීමකට පරිවර්තනය වීම කවදාහෝ වෙන දෙයක් බව දැනුන නිසා..තමන්ගෙ මට්ටම් තම්මට්ටම් කියන්න වගේ,උපරිමය හෝ ඉන් එහාට යෑම අපේ සන්ස්කෘතියත් එක්ක නොගැලපෙන බව තේරුම්ගත්තු නිසා..සීමා සහිත නිදසක් භුක්ති වින්ද හැම ලමයෙක්ම මේ මානසිකත්වයේ ඉන්න ඇති කියල මට හිතෙන්නෙ මමත් සීමා සහිත සීමිත පිරිසෙ අදටත්  කොටස්කාරියක් නිසා..


                  අපි මෙහේ ආවෙ ඇයි කියන එක අමතක කලත් ,අමතක උනත් ,දේශන වලට ආවත් ,නෑවිත් නිදියගත්තත් ගැටලු මතු උනේ හරි අඩුවෙන්..හැමොම වාර අවසන් විභහග උඩින් යටින් පැතෙන් හෝ මොනයම් හෝ විදිහකින්  බොහොම ඉහලි සමත් උනා..ඒ නිසාම ගොඩක් දෙනෙක්ට රෑට රෑට ක්ලබ් යන්න,ක්ලබ් ගිහින් වෙරිවෙන්න හෝ නොගිහින් වෙරිවෙන්න,නටන්න ,යාලුවො එකතුවෙලා හෝ තමන් කැමති ඕනෙම කෙනෙක් එක්ක සති ගනන් මාස ගනන් ඇවිදල ,නිවඩුවක් ගතකරල එන්න ඉඩකඩ අසීමිතව තිබුන..නිල ලෙසම නොදන්නව උනත් ඔය අතරෙ පිරිසක් වීදි සරන ලදුන් හොයා නොගියා කියල ස්තිරලෙසම කියන්න පුලුවන් කාටද...


                වාරෙට වගේම අවාරෙටත් කොස් හැදෙනවනෙ..ඉතින් කලට වෙලාවට නොකර  කලයුතු දේ කලට කලින් කලාම මක් වෙනවද..අතීතය සිහිනයක් පමනයි සැබෑ සුවදක් නෑ කියල හිතපු අය අලුත් වර්තමානය්ක් හොයාගෙන තිබුනා..අලුත් අලුත් මල් වගේම අලුත් අලුත් බඹරු..මී වද බැදගෙන මල් රොන් රස බලන්න අමතක නොකල බඹරු,අලුත් මීවදයක මල් රොන් රස විදින බඹරුන්ට පරන මල් අමතක වෙන්නත් මල් වලට කලින් රොන් ගත් බඹරු අමතකවෙන්නත් ගතවුනේ හරිම කෙටි කාලයක්..මුලින් මුලින් මේ වෙන විපර්යාස මහා ලොකුවට දැක්ක අපිට පස්සෙන් පහු මේවත් ගානක් නැතිඋනේ හැමදාම දකින කුකුලගෙ කරමලේ වගේ.. 


              භහුතරය අතරෙ සුලුතරයක්,සම්මා සතියෙන් වැඩකලා..ආව කාරනේ මතක තියාගත්ත..දෙමවුපියන්ගෙ බලාපොරොත්තු..දෙමවුපියන්ගෙ විශ්වාසය..හැදුන පරිසරයක් එක්ක ගැලපීම් නොගැලපීම්..යායුතු මග නොමග..මේ හැමදේම තෙරුම් බෙරුම් කරගන්න ගමන්  ලද නිදහස වින්ද..සීමාවක්තුල..හිතට මායිම් පෙන්නුව යා හැකි..නොවිදවන නිදහසක් භුක්ති වින්ද..


              දෙයක් දකින කෝනයෙන්,ආලෝක ප්‍රමානයෙන් වගේම ,දකින කෙනාගෙ දෘශ්ට් සීමා අනුව එකම වස්තුවක් එක එක පුද්ගලයා විසින් වෙනස් වෙනස් ආකාර කීපයකට දැකීම බොහොම සාමාන්යයි..ඒ නිසාම කලින් කියපු එකම ජීවන රටාවක්වත් සම්පූර්නයෙන්ම වැරදියි කියන්න අපිට බැහැ..එක් එක් අය ජීවත් වුන සමාජ මට්ටම් එක්ක ක්ලබ් යන එක,අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි දෙකෙන්ම ඇවිදින ගානට බොන එක..හරි වෙන්න පුලුවන්..කලින් ආදරය අමතක කිරීම,අලුත් ආදරයක් සොයාගැනීම  හුදෙකලාව දරාගත නොහැකි දුර්වල සිතකට තාවකාලික නිවැරදි විසදුමක් වෙන්න පුලුවන්...සමාජ මට්ටම්,මානසික මට්ටම් අනුව මේ හැමකෙනෙක්ම තම තමන්ට නිවැරදි කරුවෙක් උනත්..පොදුවේ ලාන්කීය සන්ස්කෘතික මිනුම් එක්ක මේ අය වැරදි කරුවන් වීමේ අවදානම වැඩියි..


            මේ මගේ අවට මම දකින දේ..මට දැනෙන දේ..මේ හැගීම් දැනීම්, ඉගෙනීමට,රැකියවකට තමන් ඉපදුන රටෙන් ඈත්වුන සමහරකට මේ අකාරයෙන්ම දැනෙන පොදු හැගීම් විය නොහකියිද??වෙනත් ඕනෙම දේශයක තත්වයත් චීනයේ මම දකින පරිසයෙත් එකිනෙකට මහා වෙනසක් තිබිය හැකිද??අවසාන ලෙස,කොල්ලන් සෝදා ගෙට ගන්නත්..රට ගියාද...අහ්..එහෙනම් කෙල්ලගෙ ගන්න දෙයක් නෑ..කියල හිතන් ඉන්න අයට එකම එක කරුනක් මතක් කරන්න කැමතියි,බහුතරයක් කරන වැරදි නිසා හැමෝම වැරදි කාරයෝ වෙන්නෙ නැහැ..නිවැරදි කාරයො හැමවිටම සුලුතරය වෙනකොට නොදැනීම ඒඅයත් වැරදිකාරයන් වීමත් සාමාන්යයි..ඒත්,වැරදියි කියන්න කලින් හිතන්න..ඒ ඇගිල්ල යොමුවුනේ සුලුතරයේ නිවැරදි කෙනෙකුට වියහැකියි......