Thursday, October 18, 2012

හිත-01

     තමුන්ගෙ ඇහේ තියෙන පොල්  පලාරෙ  දකිනවට වඩා අනුන්ගෙ ඇහේ තියෙන පොල් කෙන්ද දකින්න මිනිස්සු හරි කැමතියි,මනසින් උසස් කිව්වත් ඒ බහුතරයක් මිනිස්සුන්ගෙ හැටි..

     කොයි කවුරු අතිනුත් පුන්චි පුන්චි වැරදි වෙනවා,අත්වැරදීම් වෙනවා,එක එක්කෙනා අනිත් අය අතින්  සිදුවෙන වැරදි අඩුපාඩු වෙනනස් වෙනස් -ඒ ඒ අයට අන්න්‍ය ආකාරයකට තේරුම් ගන්නව..ඒ දේවල් මිනිස් ජීවිතවල අසාමාන්‍ය සිදුවීම් නෙවෙයි..ඒත්...,

     අත්වැරදීමක් නොවෙන,හිතා මතාම කරන දෙයක් ,නිතර නිතරම සිදුවෙනව නම්?ඒ දේවල් නිසා අපේ හිත් රිදෙනවනම්??රිදෙන බව දැන දැනත් ඒ අය එකම දේ ආයෙ ආයෙත් කරනවනම්??..ඒවගේ වෙලාවක ඒ දෙවල් ගැන හිතෙන එක අපිට ආයාසයෙන්වත් කල යුතු,කරන්න අමාරු දෙයක්....

 ඒ වගේ හිත් රිදීමක් තියෙන කාලයක,ගත යුතු හොදම පියවර??


 ඉවසීම..

කියන්න කෙනෙක් නැත්නම් බිත්තියකටවත් කියල හිත නිදහස් කරගෙන ඉවසීම.....රතුකට්ට පනිනකම්ම ඉවසීම..


       එහෙමත් අමාරුවෙන් ඉවසල ඉවසල,අන්තිමේදි අපිට වැරදි කරන අය ,අපේ වැරදි කියගෙන ඇවිත් අපිටම බැනල යනවනම්???
මොන දේටත් කලින් මගෙ හිතට එන්නෙ පුදුම කේන්තියක්,ඒ නිසා මට ඒ වෙලාවට මොනව කරන්නද කියල හිතන්න තියෙන ඉඩ කඩ අඩුවෙලා යනව..90%වෙලාවකදි මම කේන්තියත් එක්ක බැනුමකින්ම හැමදේම ඉවර කරනව..ඊලග විනඩියේ හරි ඊලග දවසෙදි හරි මට හිතුනත් -'අපරාදෙ මම මෙහෙම ඉක්මන් උනේ,මට තව ටිකක් ඉවසන්න තිබුනනෙ' කියල,එතකොට මම පරක්කු වඩියි..මට හිතෙන විදිහට මේ මගේ විතරක් නෙවේ බහුතරයක් මිනිස්සුන්ගෙ හැටි..


එක එක අවස්තා වලදි හිතට එන තරහට ඉක්මන් උනාට,මුනේ හිනාවක් නැතුව-රවාගෙන -ඔරවගෙන -ගොරවගෙන ජීවත්වෙන එක ගොඩක් අමාරු දෙයක්..අපි මිනිස්සු, අපි දැන් තරහ වුනත් කවදා හරි ඉදිරි දවසක අපි මිනිස්සු විදිහට ආයෙත් මුන ගැහේවි..අන්න එදාටත් කට පුරා හිනාවෙලා මනුස්ස කමට කතකරන්න පුලුවන්නම් ඒක තමඉ ලොකුම හපන්කම..

  තමන්ට අනිත් අය අතින් මොන වැරැද්ද වුනත් -හිනාවකින් හැමදේම අමතක කරල හැටි දැනගෙන ජීවත්වෙන චරිත ඉන්නව..ප්‍රශ්න ඇතිකරගන්න එපා,එයාල කරන දේ එයල අරගෙන යයි,අපිත් එහෙම වෙන්නෙ ඇයි, කියල උපදෙස් දෙන චරිත තියෙනව..ඇත්තටම මේ වගේ චරිත අපේ ජීවිතවල ජීවත්වෙන එක ,ජීවිතේ ඉදිරියට ප්‍රශ්න අඩුවෙන් පවත්වාගෙන යන්න අපිට ලොකු හයියක්..


අවසන් ලෙස,

ප්‍රශ්නෙකදි -ඉවසන්න..පුලුවන් උපරිමයටත් එහාට
තමන් නිවැරදි වෙලාවක,වැරදි කරුවෙකුට මෙන් සලකනවනම්-ඉවසන්න..
තරහින් තීරන නොගන්න වග බලාගන්න..
තරහ,සිතීමේ අවකාශය අඩු කරන නිසා..
ජීවිතයට ආදර්ශයක් ගත හැකි අයගෙන් ඒ ගුන ජීවිතයට එකතු කරගන්න..
මතක තියාගන්න,තමන් කරන හොද,නරක තමන්ටම බව..
මනසින් උසස් මිනිසෙක් ලෙස -මිනිසුන් සමග සිනහව බෙදා හදාගන්න..
දුර්ලබ ගුන ඇති මිනිසෙකු වෙන්න..




Sunday, June 24, 2012

සොදුරුයි සිහිනයෙන් නම්...හැබැහිනුත් එසේමද???



               වෙනද වගේ උහුලගන්න බැරි රස්නයක් නොතිබුන නිසමත් නෙවෙයි, වචනයෙන් කියල ඉවරකරන්න බැරි පාලුවක් හිතට දැනුන නිසයි නිදහස් තැනක් හොයාගෙන යන්න කියල හිතගෙන මම එලියට බැස්සෙ..වෙනද වගෙම සැපට දුකට හිට්ය බෑග් මල්ල මගෙ එක උරයක එල්ලුනා..විශ්ව විද්යාලයේ වත්ත මායිමෙන් එලියට ඇවිත් තාර පාරට වැටුන මම ඔහේ ඉදිරියට ඇදුන..වෙනද සීතලට කොල හැලිල නිරුවත්ව හිටි දූවිලි වැදුන ගස් වලට අලුත් ඇදුම් ලැබිල ,තාර පාරට උඩින් කොල පාටින් වියන් බැදල තිබුන..හිතෙ තිබුන පාලු,ඈලි මෑලි ගතියට ඒ හෙවන අස්වැසිල්ලක් උනා,මම ඔහේ ඉදිරියට ඇදුන..
              වේගයෙන් ඇදෙන වාහන අතරින් පාරෙ අනිත් පැත්තට මාරුවුන මම,අදුරු පැහැ වතුර ගලපු දිය පාරට උඩින් වැටුන පාලමට ගොඩ වෙලා කලු පාට වතුරෙ එහෙමෙහෙ දුවන පුන්චි මාලු රන්චු දිහා බලන් හිටියා...අවට මොන තරම්  ජීවත්වෙන්න නුසුදුසු උනත් උන් තමත් ජීවත්වෙන්න සටනක,.උනුත් අපි වගේ..මට හිතුන..

             පලල් තාර පාර දෙපැත්තෙ උසට  වැවුන කලු පාට කදක් තිබුන ගස් වල ලා කොලපාටට කොල හැදිල මුලු පාරම හෙවන කලා..අතරින් පතර ගස් කොලන් අතරින් පෙනුන තට්ටු කීපයක් උස දේශන ශාලා..පේරාදෙනියත් මේ වගේ වෙන්නැති..නොගිය මම නොදන්නා,ගිය අයට මිහිපිට පාරාදීසය..මට හිතුන..

                        නිවාඩු දවසක් උන නිසාම ටිකක් වැඩියෙන් සෙනග ගැවසුනා..මම හොයපු නිහඩ තාවය හොයන් මම ඉදිරියට ඇදුන..වැදියෙන් ගැවසුන තරුන්ය,මගේ හිතෙ තිබුන පාලුව කලකිරිමේ ගතිය තව තවත් වැඩිකලා..ටිකක් විශාල පොකුනක එක මායිමක සරුවට වැවුන මලින් පිරුන පාත්හි..අතරින් පතර විහිදුන අතු සහිත උස ගස්..සෙවනැති හැම තැනකම නිසොල්මන්ව හිදින ගල් බන්කු..'මේ පරිසය මගේ හිත නිවයි',මට හිතුන..ගහකට මුවාඋන නිසොල්මන්ව තිබුන ගල් බන්කුවක් මත ඉදගෙන ඔහේ පොකුනට නෙත් රුවන් හිටිය..

                     ඇස් මානෙ තිබුන හැම බන්කුවකම තරුන ජෝඩුවක් ආදරයේ උනුසුම වින්ද..හොර රසේ මොන මොනවදෝ  කෙදුරුව..මේ කොදුරන්නෙ අතීතයද ගැනද,වර්තමානයද,එහෙමත් නැත්නම් අනාගතයට බලාපොරොත්තු ගොඩ ගහනවද,මගේ හිතේ තිබුනෙ ප්‍රශ්නාර්තයක්-දැක ඇති ,විද නැති ආදරයේ උනුසුම..මල්ලෙන් එලියට ගත්ත පොතක නොලියූ පිටුවක් හොයාගත් මම හිතට එන සිතුවිලි එක එක ඇමිනුව.. ලියවුනේ කවියක්ද??අනේ මන්ද..වෙන්න ඇති..මාතෘකාව;'මට සිහිනයක් එය,සුන්දරව දකින'...තරුන ජෝඩුවක් ඉදගන්න තැනක් හොය හොයා පියවර තිව්ව..මේ බන්කුව උඩ තනි මම  තනියෙම මොකටනම් තනිකම විදවනවද.. දෙන්නට ඉඩ දීල මම නැගිටල ආපසු හැරුන..

                   කොලපාට වියනෙන් හෙවන දුන් මග දිගේ පසු ගමන් කලා..එක සැරෙන්ම අහස කලු උනා..හීනියට පොද වැටෙන්න ගත්ත..පොද වැස්ස මහ වැස්සකට හැරුන.. වැස්සෙ මම තෙමුන..ආදරෙත් මේ වගේ වෙන්නැති,නොහිතපු වෙලාවක මගේ ජීවිතේට ඒවි,පොද වැසි මහ වැසි වුනා වගේ වේවි,, ආදරනීය වැස්සෙ මම තෙමේවි,අද වගේම..

                  තරුන ජීවිත ආදරයක් නැතිකම, නිදහස.., ලොවක් ඉදිරියේ මහා උජාරුවෙන් වින්දත්,තනියෙම තනිකම විදවනව..හරියට මම වගේ,පෙම්වනුන් නොවුන,හුදකලා ජීවිත ගෙවන අනිත් අයටත් මට වගේම දැනෙනව ඇත්ද..??එකම එක ප්‍රශ්නයක් තියෙනවා අහල දැනගන්න ඕනෙ, ආදරය විදින අයගෙන්..ආදරය කරන අයගෙන්..'දැනෙන විදිහට ආදරය සොදුරු සිහිනයක් මට,හැබැහිනුත් එහෙමමද???



Sunday, June 17, 2012

.......තටු ලදිමි-පියඹුවෙමි-සීමා මායිම් දැන උන්නෙමි.........



                  අවුරුදු දහසයක් - දාහතක් වෙනකොට ලමයෙක් හොයන්න පටන්ගන්න..,විදින්න කැමතිවෙන 'නිදහස'...ලමයෙක්ට යායුතු මග වගේම නොමගත් පෙන්නනව..ඒ වයස වෙනකොටත් මොනයම් හෝ කටයුතකට අම්ම තත්තා ඇතුලුව පවුල් පරිසරයෙන් වෙන් නොවී ඉන්නවනම් ලමයෙක්  පහසුවෙන්ම හරිමග හොයගන්නවා..ඒ මග ගමන් කරනව..ඒත් මේ වයසෙදි ලමයෙක් මග නොමග කියාදුන් අම්මගෙන් තත්තගෙන් වෙන්වෙනව කියනෙ හරි දේට වඩා වැරද්දට පහසුවෙන්ම ඇදෙන හිතට නිකම් 'ඉබ්බ දෙයේ දාන්නද ඇහුවම ඇන්නෑවෙ 'වගේ දෙයක්....


                   ඔන්න ඔය කියන වයසෙදි ,තනියෙම පාර හොයගෙන ජීවත්වෙන්න කියල  හැදුන වැඩුන පරිසරය අත් කිලෝ මීටර දහස් ගනනක් ඈතට ආපු අපිත් දියේ දාපු ඉබ්බො වගේ..සමහරු කලුවරෙම අඩිය තියනකොට-ඇස් තිබුනත් ඔහේ අඩිය යන අතකට යනකොට,අපි ඉටිපන්දමක්වත් පත්තුකරගත්හෙ නොමග යන්න බැරිකමට වගේම කලුවරට තිබුන බයට.. 


                  ආයෙත් ජීවිතේ කවදාවත්ම නොලබෙන දෙයක් උපරිමයෙනුත් එහාට විදින පිරිසක් අතරෙ අපි අපේ නිදහසට  නොපෙනෙන සීමා මායිම් වැට කඩුලු බැන්දෙ උපරිම නිදසේ විදීම විදවීමකට පරිවර්තනය වීම කවදාහෝ වෙන දෙයක් බව දැනුන නිසා..තමන්ගෙ මට්ටම් තම්මට්ටම් කියන්න වගේ,උපරිමය හෝ ඉන් එහාට යෑම අපේ සන්ස්කෘතියත් එක්ක නොගැලපෙන බව තේරුම්ගත්තු නිසා..සීමා සහිත නිදසක් භුක්ති වින්ද හැම ලමයෙක්ම මේ මානසිකත්වයේ ඉන්න ඇති කියල මට හිතෙන්නෙ මමත් සීමා සහිත සීමිත පිරිසෙ අදටත්  කොටස්කාරියක් නිසා..


                  අපි මෙහේ ආවෙ ඇයි කියන එක අමතක කලත් ,අමතක උනත් ,දේශන වලට ආවත් ,නෑවිත් නිදියගත්තත් ගැටලු මතු උනේ හරි අඩුවෙන්..හැමොම වාර අවසන් විභහග උඩින් යටින් පැතෙන් හෝ මොනයම් හෝ විදිහකින්  බොහොම ඉහලි සමත් උනා..ඒ නිසාම ගොඩක් දෙනෙක්ට රෑට රෑට ක්ලබ් යන්න,ක්ලබ් ගිහින් වෙරිවෙන්න හෝ නොගිහින් වෙරිවෙන්න,නටන්න ,යාලුවො එකතුවෙලා හෝ තමන් කැමති ඕනෙම කෙනෙක් එක්ක සති ගනන් මාස ගනන් ඇවිදල ,නිවඩුවක් ගතකරල එන්න ඉඩකඩ අසීමිතව තිබුන..නිල ලෙසම නොදන්නව උනත් ඔය අතරෙ පිරිසක් වීදි සරන ලදුන් හොයා නොගියා කියල ස්තිරලෙසම කියන්න පුලුවන් කාටද...


                වාරෙට වගේම අවාරෙටත් කොස් හැදෙනවනෙ..ඉතින් කලට වෙලාවට නොකර  කලයුතු දේ කලට කලින් කලාම මක් වෙනවද..අතීතය සිහිනයක් පමනයි සැබෑ සුවදක් නෑ කියල හිතපු අය අලුත් වර්තමානය්ක් හොයාගෙන තිබුනා..අලුත් අලුත් මල් වගේම අලුත් අලුත් බඹරු..මී වද බැදගෙන මල් රොන් රස බලන්න අමතක නොකල බඹරු,අලුත් මීවදයක මල් රොන් රස විදින බඹරුන්ට පරන මල් අමතක වෙන්නත් මල් වලට කලින් රොන් ගත් බඹරු අමතකවෙන්නත් ගතවුනේ හරිම කෙටි කාලයක්..මුලින් මුලින් මේ වෙන විපර්යාස මහා ලොකුවට දැක්ක අපිට පස්සෙන් පහු මේවත් ගානක් නැතිඋනේ හැමදාම දකින කුකුලගෙ කරමලේ වගේ.. 


              භහුතරය අතරෙ සුලුතරයක්,සම්මා සතියෙන් වැඩකලා..ආව කාරනේ මතක තියාගත්ත..දෙමවුපියන්ගෙ බලාපොරොත්තු..දෙමවුපියන්ගෙ විශ්වාසය..හැදුන පරිසරයක් එක්ක ගැලපීම් නොගැලපීම්..යායුතු මග නොමග..මේ හැමදේම තෙරුම් බෙරුම් කරගන්න ගමන්  ලද නිදහස වින්ද..සීමාවක්තුල..හිතට මායිම් පෙන්නුව යා හැකි..නොවිදවන නිදහසක් භුක්ති වින්ද..


              දෙයක් දකින කෝනයෙන්,ආලෝක ප්‍රමානයෙන් වගේම ,දකින කෙනාගෙ දෘශ්ට් සීමා අනුව එකම වස්තුවක් එක එක පුද්ගලයා විසින් වෙනස් වෙනස් ආකාර කීපයකට දැකීම බොහොම සාමාන්යයි..ඒ නිසාම කලින් කියපු එකම ජීවන රටාවක්වත් සම්පූර්නයෙන්ම වැරදියි කියන්න අපිට බැහැ..එක් එක් අය ජීවත් වුන සමාජ මට්ටම් එක්ක ක්ලබ් යන එක,අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි දෙකෙන්ම ඇවිදින ගානට බොන එක..හරි වෙන්න පුලුවන්..කලින් ආදරය අමතක කිරීම,අලුත් ආදරයක් සොයාගැනීම  හුදෙකලාව දරාගත නොහැකි දුර්වල සිතකට තාවකාලික නිවැරදි විසදුමක් වෙන්න පුලුවන්...සමාජ මට්ටම්,මානසික මට්ටම් අනුව මේ හැමකෙනෙක්ම තම තමන්ට නිවැරදි කරුවෙක් උනත්..පොදුවේ ලාන්කීය සන්ස්කෘතික මිනුම් එක්ක මේ අය වැරදි කරුවන් වීමේ අවදානම වැඩියි..


            මේ මගේ අවට මම දකින දේ..මට දැනෙන දේ..මේ හැගීම් දැනීම්, ඉගෙනීමට,රැකියවකට තමන් ඉපදුන රටෙන් ඈත්වුන සමහරකට මේ අකාරයෙන්ම දැනෙන පොදු හැගීම් විය නොහකියිද??වෙනත් ඕනෙම දේශයක තත්වයත් චීනයේ මම දකින පරිසයෙත් එකිනෙකට මහා වෙනසක් තිබිය හැකිද??අවසාන ලෙස,කොල්ලන් සෝදා ගෙට ගන්නත්..රට ගියාද...අහ්..එහෙනම් කෙල්ලගෙ ගන්න දෙයක් නෑ..කියල හිතන් ඉන්න අයට එකම එක කරුනක් මතක් කරන්න කැමතියි,බහුතරයක් කරන වැරදි නිසා හැමෝම වැරදි කාරයෝ වෙන්නෙ නැහැ..නිවැරදි කාරයො හැමවිටම සුලුතරය වෙනකොට නොදැනීම ඒඅයත් වැරදිකාරයන් වීමත් සාමාන්යයි..ඒත්,වැරදියි කියන්න කලින් හිතන්න..ඒ ඇගිල්ල යොමුවුනේ සුලුතරයේ නිවැරදි කෙනෙකුට වියහැකියි......

Wednesday, May 9, 2012

තනිය...



බිම පුරා තැනින් තැන දුම් ගොඩක ඉතිරි අඩ
කාමරයෙ තැනින් තැන බෝතල්ය හිස්ව ගිය
තවත් එක මුල්ලකට ගුලි ගැසුන කොල ගොඩය
කාමරය,මගේ ලොව දෙකම උඩු යටිකුරුය....



දිගට හරහට වැවුන අපිලිවෙල රැවුල්කොට
කන්දෙකත් වසාගෙන ඝනව ඇති කෙස් ගොඩය
එහෙ මෙහේ හතර අත ඇදි නොඇදි වැරහැලිය
මා දුටුවොතින් දැනෙයි තනිකමේ විදවීම...



ඇස් තියන් හිස් අහසෙ, සිත දුවයි අතීතෙට
සරසවිය,මල් පාර,සෙවන දුන් අතු පතර
ඇය ගියා මා දමා අදුරුකර මගෙ ලොවම
යලි යලිත්,යලි යලිත් සිතීමේ ඵලය කිම..??



ඇස් කදුලු නොසැලුවද සිත පුරා ලුනු රසය
අනාගතයක් නොමැති, අතීතෙන් ඵල ඇත්ද?
විටෙක මැසිවිලි නගයි මගෙ සිතම, මා හටම
හෙට පටන් සිතමි මම,විදින්නට මේ තනිය....




Wednesday, May 2, 2012

තුනෙන් දෙකක්...



කොල්ල:මම බඹර වගේ විසේ කාරයා
            දෙබර වගේ ගනන් කාරයා
             මී මැස්සා වාගේ මම වැඩ කාරයා
            සමනලයා වාගේ මම හැඩ කාරයා ......
           


කෙල්ල; ආලෙන් වෙලාගන්න කෝලම් කලා
             හිත ආලෙන් මුදාගන්න වෑයම් කලා
             මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා....




කොල්ල; ඔබයි මගේ ජීවිතේ 

              හර්දේ විකාර වේ......





කෙල්ල;යනවානම් අනේ මන් අරන්
            යන තැනකට යන්න රත්තරන්
            හිගා කකා කොලපතක් අරන්
            ලුනුයි බතුයි කමුකො රත්තරන්...

කෙල්ල;කැදැල්ලෙ  ඇතිවූ කිරිල්ලී වගේ-දෙමාපියන් සෙවනේ..
            නිදැල්ලෙ උන්නේ මා විනෝදයෙන් සිත අමෝද සහනේ..
            මන්ගල නැකතින් පෙම්බරයෙකු හා හෙට මා පිටවෙනවා..

කෙල්ල;ගාට ගාට ඇවිදින් -ඇස් දෙක වහලා හිනාවෙන්න
             ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න..
             රෑට රෑට ඉහ ඉද්දර කොදුර කොදුර කවි කියන්න..
             පාට පාට  පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න....

                   
                     ඔබ හීනයක් වගේ
                     හාදු වැස්සක් ගලයි....




ප්‍රර්තනාවක්:සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඩින් ගෙන
                   පැදකුනු නොකලත් සිරියහනේ
                   පෙරුම් පුරා මා කුසට පැමිනි බිලිදු
                   මට රජ පැටියෙක්........


 අලුත් සාමාජිකයා<දුව/පුතා>;
                  සුලගක් වී මම යනවා -දුර අහසේ ඇවිදින්නට..
                  අප්පච්චි කොහොමද මම අල්ලන්නේ...


ගෙවුන අතීතයේ සුන්දරත්වය සිහිපත්ව:
            සරස වසන්තය ආයෙත් එනවානම්..
            අපේ අතීතයෙ මන් මාවත්වල ඇවිදන් යන්නට..
            සරස වසන්තය ආයෙත් එනවානම්..




දැනට ආදර කලත් නොකලත්..,
ජීවිතේ සැදෑ සමයෙදි කවුරුත් ආදරෙන් මතක්කරයි ගෙවුන සරස වසන්තය...

සරස වසන්තය ආයෙත් එනවානම්....

(ප.ලි. :දැන් සමහරු කල්පනා කරයි මේකට -තුනෙන් දෙකක්- කියල නම වැටුනෙ කොහොමද කියල..මෙහෙමනේ..ජීවිතය කියන්නේ චක්‍රයක්නේ..ඔය චක්‍රාකාර ජීවිතේ ගෙවන මනුස්සයෙක්ගෙ සාමාන්නය ආයු කාලය අවුරුදු 75ක් වුනොත්,වයස 25කින් වගේ පරස්තවක් කරගෙන,පවුලක් පන්සලක් වෙන කෙනෙක්ගෙ එතැන් පටන් ජීවිතේ සැදෑ සමය වෙනක්න්ම මෙකෙන් විස්තර කරන නිසයි මේක,තුනෙන් දෙකක් වුනේ..)



Monday, April 30, 2012

මේ නගරය ......


                     මේ නගරය මා ඔබ මුනගැසුන නගරයයි..
                     මේ නගරය මා ඔබ වෙන්කෙරුන නගරයයි..
  
             ලියන්න යන්නේ  සින්දුව ගැන  නොවෙයි...සමහර විටෙක සින්දුවේ අන්තර්ගතයටත් "මේ නගරයේ"කොටසක් වෙන්න බැරිකමක් නැහැ..අතීතයත් වර්තමානයත් අනාගතයත් එකලෙසම කථාකරන - "නගරයක්"...


            දහස් ගනනක් අයදුම් කරුවන්ගෙන් අතලොස්සකට පමනක් සරසවි වරම් හිමිකරදෙන උසස්පෙල..අපේ රට වගේ ,එදා දියුණු වෙමින් පැවතුන,අදටත් දියුණුවෙන,හෙටත් අදට වඩා වැඩි වෙනසක් නැති රටක නිදහස් අද්‍යාපනය තුලින් අපිට මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බැරිනිසා,ගෙදරට වෙලා හිත හදාගමු,එහෙමත් නැත්නම් තුන් සැරයක්ම කරන්න පුලුවන් එකේ තුන්වෙනි සැරෙත් ට්‍රයි කරමු..අතලොස්සකට පමනක් නිල වශයෙන් හිමි 'උගත්-බුධිමත්' බව..ඊටත් වඩා බුධිමතුන් සරසවි වරම් නොලබන පිරිස අතර ඉන්න,උසස් පෙල අසමත් බුධිමතුන් පිරිසකුත් නැතුව නෙවෙයි කිව්වොත් ??? ඒ කතාව සියයට සීයක්ම බොරුවක් කියල කාටනම් කියන්න පුලුවන්ද...?,බුද්ධිමතුන් වී උගතුන් වීමට නොහකි වීම 'අවාසනාව'ලෙස හදුන්වා හිත හදගමු..


         "ආයෙත් කරමු පුතේ.."සිහිනය හැබෑ කරන්නට අම්මාගේ වෑයම..,අවසානයේ වදෙන් පොරෙන් හෝ ,ස්ව කැමැත්තෙන්ම යලිත්  උසස්පෙල තරගයට..මුල්ම පියවර;තරග වැදීමට කැමති වීම,දෙවන පියවර;තමන්ගේ විශය මාලාවට අදාලව හොදයැයි නම් දැරූ පන්ති කීපයක් තෝරා ගැනීම..දෙවන පියවරේ ප්‍රතිපලයක් ලෙස ,හතරදිග්භාගයෙන්ම-තාරුන්‍ය-එකම නගරයකට.. 


        විද්‍යාව,ගණිතය,කලා,වානිජ...පන්ති ඉවර උනාම කූඹි ගුල ඇවිස්සුනා වගේ..සරසවියට පෙර සරසවිය..අවශ්ය්‍ය පොතක් පතක් ගන්න,දැනුම ලබාගන්න ,දැනුම බෙදා ගන්න,පොඩි චැට් එකකට හෝ ...අඩුම තරමින් එන තුරු මග බැලීමටවත්...,සරසවියට ගොඩ නොවැදුන කෙනෙක් ඉන්නවද??පන්ති ඉවරවෙලා ටවුන් එකේ කරක්නොගැසූ කොල්ලෙක්/කෙල්ලෙක් ඉන්නවද?පිට පලාතකින් ආපු කෙනෙක්ට මහජන පුස්තකාලේ අද්‍යන අන්ශය ගෙදර වගේ උනේ නැද්ද?? හිතේ හැටියට පාඩම් කරන්න්න,ඇතිවුනාම පොත කොට්ටෙට අරන් ටිකක් නිදියන්න..ජීවිතේ සුන්දර කාලයක් ලෙස බොහෝ අය කතාකරයි මේ කාලය,ඒ අයගෙ ජීවිත කෙලවරවෙනකම්ම..
          
          මේ නගරයට පැමිනීමත් එක්ක වැඩි පිරිසකට ජීවිතේ නිදහස ලැබිල,පෙර නොවිදි නිදහසක්..අවමයේ සිට උපරිමයක් දක්වා වූ නිදහසක්..අම්ම තාත්තගේ ලග ඉන්නකොට නොතිබුන නිදහසක්....ලැබුනු නිදස උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම..බොහෝ දෙනෙක් හිතන්නේ මේ ගැන.. 


    නිදහස..තිබුනට වැඩක් නැහැ  හරියට පාවිචි කරන්න නොදන්නවනම්..සමසේ විදගන්න නොදන්නවනම්...මෙහෙට එන ගොඩක් අයත් නොදන්නෙ ඔය ටිකමයි කිව්වොත්??මම වැරදිද??හැමෝම මෙහෙමයි කියල නෙවේ  කිව්වේ..කතා කලේ බහුතරය ගැන... 


      සුලු පිරිසක් තමන් මූලික කරගත් කාරනය තවමත් හිතේ තියගෙන ,සිහිනය සැබෑවක් කරගැනුමට දීර්ඝ කාලීන මෙහෙයුමක..වෙන වැඩ මොකුත්ම නැහැ..තවත් කෙනෙක් ආ කාරනේ වගේම ,ජීවිතේ පාට පිටුවක් පෙරලන්න ට්‍රයි එකක..ඒ කිව්වෙ ඔය කාලෙට හැමෝම කතාබහ කරන්නට කැමති -අකුරු හතරක්-හොයාගෙන ගිහින්..වැරදියි කියන්නත් බැහැනෙ..සමබර ජීවිතේකට ඕවත් එපැයි..ඔය කාලෙට හොයාගන්නෙ නැතුව හැරමිටියෙන් යනකොට ජීවිතේට හරියට ෆිට් වෙනවයි කියල හිතෙන අනිත් කෑල්ල හොයන්නයෑ...තවත් කොටසකට අවෙ මොකටද මතක නැහැ..පේන්නේ පාට පාට පිටු විතරයි..සමහරු එක පාට පිටුවක් විතරක් පෙරලල නිකන් හිටියට,තවත් අය පාට පාට පිටු ගොඩක් ජීවිතේ පෙරලගෙන,දෙදුන්නක්  වගේ වෙයි කියල හිතුවට අන්තිමට පාට ඔක්කොම එකතුවෙලා කලු පාට වුන ජීවිත නැතුව නෙවේද??තවත් පිරිසකට අලුත් සමාජෙක අලුත් යාලුවො සෙට් වෙලා..ආපු වැඩේ පැත්තක තියල පොඩි සොමියකට,වල බහින්න මුල් තැන දීල..තවෙකෙක් ආලෝකය හොයන් ආපු ගමන තමන්ටම නොදැන අදුරට ඇද දාල..ආයෙත් ආලොකයක් ගැන හිතන්නවත් බැරි විදිහට...හැබැයි ඉතින් ඔය මොන අඩවුව කස්තිරම ඇල්ලුවත් විභහගෙ තිතටම ගොඩදාන පිරිසකුත් නැතුවම නෙවේයි...


     අබියෝගාත්මක අගෝස්තුව..එක යුද්ධයක අවසානය වගේම තවත් යුද්ධයක මුල වෙන්නත් පුලුවන්...බොහෝ දෙනෙකුට අවසානය ප්‍රශ්නාර්තයක්?? 


           සිහිනය සැබෑ වූ අය-නුවර සිරි විදගන්න,කොලඹ අසිරිය දකින්න..රුහුනෙ ලුනු හුලගෙ රහ බලන්න හරි,අඩුම තරමෙ සබරගමුව පැත්නටවත්...බොහෝ දෙනෙකුට බොද වූ සිහිනය..තව කෙනෙක්ට පැහැදිලිව පෙනුන නිසාම ,'ඊලග සැරේ සැබෑ කරගනිමි' කියල හිතගෙන ආයේ යුද්ධෙට කොඩිය වනල...තවකෙනෙක් ආයෙ මොන  කටුක යුද්ධද කියල,ඒකාලෙ පෙරලපු පාටකොලයක් කොලේක ලියල තමන්ගෙම කරගෙන අලුත් සීතල යුද්ධෙක පැටලිලා..තව කොටසක් උන්න හැටියට මලා මදැයි රස්සාවක් හොයාගත්තොත් පරස්තාව අතලග කියල රැකියා පෝලිමේ...අනේ මම ඕව කලේ ගෙදරින් කියපු නිසා හෝ කරන්නම දෙයක් නොතිබුන නිසා කියන අය තමන් කැමති පාරෙ යන්න පටන් අරන්..ඔය අතරෙ පිසිසක් තමන්ම ,තමන්ගේ ජීවිතේ අනාගෙන ,තමන්ම කාල...


        මම මේ නගරයේ හතර මායිම් මෙහෙම සලකුනු කරන්නම්...-බෝ ගහ...නෝලිමිට්..ලන්කා බැන්කුවේ ප්‍රධාන ශාකාවක්..සම්මාන පොත් හල...


      හරිගියත් වැරදුනත් ,ජීවිතයේ ඉහතදී කියපු කාලයේ මේ නගරයට අඩිය තියපු කෙනෙක් ,ජීවිතේ අමතක කරන්න බැරි සිදුවීම්,මතක ගොන්නක් පොදිගහන තැනක් මෙතන...ජීවිතේ කෙලවරක් දකිනකම්ම සමහරෙක් මේ සුන්දර මතකයන් ගැන කතාකරාවි...


අතීතයේ මේ නගරයට ආගිය අයත් මේ අයුරින්ම මේ ගැන කතා කරන්නට ඇති..
වර්තමානයේ අපි මේගැන මෙලෙස කතාකරමු...
අනාගතයේදී ද මේ නගරය ගැන මෙලෙසටම කතාකරනු ඇත........

Friday, April 27, 2012

මම වන ,ඔහු නොවන ඔබ ..




සිතේ දහසක් කදුලු සගවා,
සිතින් හඩනා,
මුවින් හිනැහෙන,
ලොවක් සැනසීමට වෙර දරනා..,
තමන් සැනසීමට කෙනෙකු නැති බව හැගුනද,දැනුනද..,
ඒ ගැන සිතින් තැවුනද....,
තව තවත් ලොව සැනසීමට වීර්ය වඩන..
දෑසින් කදුලු නොසලන..,
සිත හෙලන කදුලු වැල් දෝර ගලනා කල..
දරාගැනීමට නොහැකි කල්හී..
ලොවෙන් සැගවී,
කරුවල රැයක දෑසින් හඩන ඇය,
මම වන ,ඔහු නොවන ඔබ ....."ගැහැනියයි"...

Tuesday, April 24, 2012

නුඹම ගලක් කල මගේ සිත,යලි මලක්ව පිපේවිද හෙට දිනෙක???

             ගැහැනිය නපුරුයි..රළුයි...
          එහෙම චෝදනා කරන පිරිමි ඔබ??මුදුයි,සුමුදුයි ද??
          ගැහැනිය රළු වුනේ අහේතුකවද???


     නුඹ මට මගේ ලෝකයම වූ යුගයක,මමද මා සතු සියලු වත්කම්ද නුඹේ බව,නුඹට අයිති බවද මම සිතීමි...මම සියල්ල ඉවසීමි,විදවිය යුත්තද විදීමට උත්සහ ගතිමි..ගිනිගහන දහවලේත් මම නුඹට සිසිලසක් වීමි..නුඹට නොහැගුන මගේ ප්‍රේමය...සුලගේ පාවෙන වරා මලක් තරමටවත් මා මායිම් නොකල නුඹ...මේ සියල්ල අද වන විට අතීතය වී හමාරය..
   අද,නුඹ වෙනස්ව ඇත..එදා මම නුඹට සදු සේ සිසිලස ගෙනා බව නුඹට දැනී ඇත..මා තවමත් නුඹේ බව නුඹට දැනෙන මේ මොහොතේ,මම වෙනස්ව ඇත,මගේ සිත වෙනස්ව ඇත..නුඹේ වෙනස්වීම කලකට ඉහත දී මම බලාපොරොත්තුව සිටියෙමි..නුඹ වෙනස්නොවන කල්හී මම වෙනස් වීමි..අද නුඹ මට හිරු මෙනි,මා දවාලන හිරු වී ඇත නුඹ..මා නුඹේ යැයි නුඹට සිතෙන මේ මොහොත වන විට, නුඹ හැර යෑමට මම තීරනය කර සිටිමි...
      මටද සිතක් ඇත..හැගීම් දැනීම් ඇත..ඉවසීමට සීමා ඇත..එදා මගේ නෙත්වල කදුලු තියා,ප්‍රේමය වත් නොදුටු නුඹ..අද..මගේ නෙතේ පෙරමෙන් ආදර බැලුම් නොමැති වීම හමුවේ පසුතැවේ...නුඹට සෙවිය නොහැකි තැනක නුඹම සැගවූ මගේ හැගීම්,අද නුඹ විසින්ම සොයයි..අද වනවිට මගේ ලෝකය වෙනස්ව ඇත..නුඹ විසින්ම ,නුඹ නිසා ඉපැදුන ආදර හැගුම් මකාදමා ඇත..
      මම කිවිදියක් වීමි,නුඹ නිසා...පිටු පුරා කවි ලීවෙමි..අපිට අවැසි අපේ ප්‍රේමය අද අපට අහිමිව ගිය මොහොතක...,මගේ ආදරනීය කවි හිතට කුමක් වී ඇත්දැයි ඇසීමද විහිලුවකි..කාලය විසින් බොහෝ දේ මෙසේ විසදූ යුගයක..,මෙතෙක් නිහඩව සිටි ඔබ දැන් අසනා ගැටලු වලට නිවැරදි පිලිතුරු නොදන්නෙමි..මේ සියල්ල දයිවය යැයි සිතා මම නිහඩවෙමි.....
  නුඹ විසින් ගලක් කල මගේ සිත,නුඹ සිතනසේ මලක් වීම හෙට දිනයේදී සිදු නොවනු ඇත...ඊට දින,සති ,මාස ගතවේවි..විටෙක ජීවිත කාලයම බලා හිදින්නට වේවි...




( කලබල වීමට හේතු නැත,පහත ගීතය මෙසේ විවරනය කලෙමි  )


       


නික්ම යෑමට පෙර වසන්තය...


         
       
                                මව් රට,හිතවත්කම් ඇතුලු සියලුම වත්කම් දාල නොදන්න රටකට එන්න මාවිසින් ගන්නා ලද ,වගේම තීරනය කල තීන්දුවට මම කැමැත්තක් නොදැකුවා කිව්වොත් වැරදියි.ඇත්තටම මම ආවෙ කැමැත්තෙන් උඩ පැනගෙන..දමා යෑමේ දුක,තනිවීමේ දුක මට නොදැනුන තරම්.මට එහෙම දැනෙන්න මූලික වුන හේතු හරියටම පැහැදිලි කරන්න අමාරු උනත්,දෙවෙනි සැරෙත් උ.පෙ. ලියල මම හෙම්බත් වෙලා හිටියෙ....මිට අවුරුදු හතරකට විතර කලින් කථාවක් ,

               පැය 14කට ආසන්න පියාසරියකින් පසු,පෙර කිසි දිනක පය නොගැසූ පොලොවක..මේ ජීවිතයේ හීනයක් නොවූ සැබෑවක්..ගුවන්තොටුපොලේ සිට,අවුරුදු 5ක තාවකාලික නවාතැන කරා..ඒ මාර්තුව,ශීත කාලයේ අවසන් මාස කීපය..ඒත් ඒ සීතල දරාගන්න අපහසු උනා,ගතට මෙන්ම සිතටත්...පහුවුන හැම ගහකම එක කොලයක්වත් නොතිබුනා මට මතකයි..සීතලට මිදුන දිය පාරවල්..කොලපාට ගහ කොලක් දකින්නවත් නැහැ...මගේ හිතට තනිකම දැනෙන්න ගත්ත..මේ කොහෙටද මම ආවෙ?ඇයි මම ආවෙ??මොකටද මම මේ ගමන ආවෙ??මම මගෙන්ම ප්‍රෂ්න කරගත්ත..උත්තර නැති ප්‍රශ්න වලක්..මමයි වැරදි කාරිය...මම නිසයි මට තනිවෙන්න වුනේ..හිතට බර වැඩියි දරාගන්න..මගේ ඇස් තෙමුන...


            එදා සිට අද වෙන තුරු -වැඩියෙන් හිතට ,ගතට දැනුනෙ සීතල..අවුවෙ සැරට වඩා..දැන් 4ර වන අවුරුද්දේ අවසානය සටහන් කරන්න ලගයි..කාලය ඉගිලුනා වගෙයි..මාස හයක් සීතල,මාස හයක් රස්නෙ කාලය..අපේ රටට වඩා 10C වත් රස්නෙ වුනත් ඒ උෂ්නත්වය ලාන්කිකයන් හැටියත ගතටත් වඩා හිතට සනීපයක්...


          වසන්තය එනකම් ඇගිලි ගනින්නත් තව මෙහේ ඉන්නේ ඉතාම අඩු කාලයක්..වසන්තයේ සුන්දර චීනය..කොල හැලුන ගස් වල මුලින්ම මතුවෙන්නෙ පුන්චි මල් පොහොට්ටු...හරි ඉක්මනින් ලොකුවෙන මල් පොහොට්ටු,දවසකින් දෙකකින් මුලු ගහම මලින් බර වෙලා..කොල නැති මල් ගස්..ඊලග දවස් දෙක තුනේ මල් හලිල ගස් වල දලු දාන්න ගන්නව..බිම පුරා මල් පෙති..හෙමින් හිස ඔසවන පුන්චි දලු..මේ සුන්දරත්වය අනිත්ය මෙනෙහි කරන්න අපිව හුරු නොකරනව කියන්න පුලුවන්ද??
           
          කහ පාට ,රතු පාට,සුදු පාට මල් පිපුන තාවකාලික නවාතැන..සීතලට ගල් ගැහුන අයිස් තට්තුව දියවෙලා ගිහින්..පුන්චි මාලු පැටවු පීනන්න පුරුදු වෙනව..වෙනදට අලසව හිටි තාරාවො විලේ පාවෙන ඔරු වගේ..වසන්තයේ සුන්දරත්වය විදගන්නේ අපි විතරක් නොවන බව පැහැදිලි කරනව..


       














  මේ හැමදේම ගතින් විදගන්න මට අවසර තියෙන්නෙ තව ටික කාලයකට විතරයි..
      





        තවත් එක වසන්තයක් පමනක් විදීමට අවසර ඇත මට..
        සියල්ල අනිත්ය බව දනිමි,එනිසාම දුක් නොවෙමි....
        නමුත් ,
        චීනයේ සුන්දර වසන්තය සිතින් විදිනු ඇත මම ජීවිතය පුරාවටම..


     

ප්‍රශ්න නැති ජීවිත???....ජීවිත සමග ප්‍රශ්න...




 හිතන තරම් ජීවිත සුන්දර වුනානම්
කවුරුත් දිවිනහ ගන්න එකක් නැහැ..
හිතන තරම් ජීවිත අසුන්දර වුනානම් ,
ජීවත් වෙන්න කෙනෙක් ඉතිරිවෙන එකක් නැහැ..
                                  පැහැදිලි අර්ථකතනයක් දිය නොහැකි අකුරු හතරක්..'ජීවිතය'..,හරියටම "ආදරය" වගේ..මේ අකුරු හතරෙ වචන දෙකම-සතුට,කදුල,සුන්දර,අසුන්දර,හොද,නරක..-මේ හැම දේකම සන්කලන ස්ථානය කිව්වොත්??වචන දෙකටම සාධාරනයක් ඉටුවෙලා..
                                 ජීවිතේ ජීවත්කරවන ගොඩක් දෙනෙක් විසින් තම තමන්ගෙ ජීවිත වල,ආදරයෙ සමබර තාවය ඔවුන් විසින්ම බිද දමල..කෙනෙක් වැඩියෙන් හිනවෙනකොට තවකෙනෙක් හිනානොවීම අඩල..තවකෙනෙක් හිනාවවත් ,කදුලවත් නාදුනන ගානයි..;හිස් බව..හිස්බව කියන්නෙ මැදිහත් ජීවිතයද?මැදිහත් ආදරයද??මේ දෙකම නෙවෙයි නේද..?තවත් කෙනෙක් අදුරන්නෙ කදුලු විතරමයි..;කලුවර ජීවිත...
                               ජීවිතේ (ආදරය )අහස වගෙයි..සුදුපාට වලාකුලෙන් රටා මැවුන නිල්පාට අහස;ජීවිතේ සුන්දරයි,හිනාව පිරිල..සතුට උතුරනව වගේ..ඒත් මේ වගේ ජීවිත කොහෙද තියෙන්නෙ??ප්‍රශ්න නැති ජීවිත කොහෙද තියෙන්නේ??ඒකයි අහස උනත් වෙනස්වෙන්නෙ..
                              වෙනස්වෙන අහස;වෙනස්වෙන ජීවිත..නිල් පාට අහස..;ලස්සනයි කියල හිතුනත් තියෙන්නෙ හිස් බවක්,තනිකම..ජීවිතේ සමහර අවස්තා ලස්සනට පේන,හරයක් නැති මේ නිල් අහස වගේ නෙවේද??
වහින්න ඔන්න මෙන්න,ගෙරවුම්,අකුනු..;ඉරිසියාව,තරහව පිරුන ජීවිත වගේ..
කලු වලාකුලු පිරුන අහස..,සිත් පුරා කරුවල..තවමත් දුක දරා සිටින සිත්..පොද වැසි,මහ වැසි...;තවත් දරාගන්න අපහසුව,හිතට බර වැඩි නිසා..,ඇස් වලින් ඇද හැලෙන කදුලු...,අඩුකරන්න උත්සහ ගන්නේ හිතේ බර........
      විදවන්න්න හිතෙනවද??අසමබර කරගන්න..,
      සමබර කර විදගන්න..-ජීවිතය,ආදරය....
      ඔබේ ජීවිතයේ විදවීමේ,විදගැනීමේ අයිතිය සපුරාම ඔබ සතුයි..
                               
        

Monday, April 23, 2012

හිත...






දුවන්න එපා

ඔහොම නවතින්න..

මාස 6ක්ම-ඔයා එහෙ මෙහෙ දුවනකොට,

අමාරුවෙන් අල්ලලා එක තැනකට කරල,

මොලේට දාගත්තු දේ..

තව ටික දවසයි තියෙන්නෙ කොලේකට හලල එන්න..


කිව්වා නාහන මගේ හිත..,

වැට කඩුලු මාඉම් නොතකන මගෙ හිත..,

දේශ සීමා මාඉම් ඔස්සේ ...,

හිමලයෙන් පැනල ඉන්දියවට..,

එතනින් මහ මුහුදට..,

ගොඩබිමක් පේනව....

අහ්හ්..යාපනය..,
ලංකාවෙ හතර අත පාවෙන මගේ හිත..,

දන් ඔබ ලග..

අනේ ඉතින් ,
දුරන් ගමන් -ඒක චරන් නොවි,

ද්විත්ව චරන් වත් උනානම්..,
මටත් එන්න තිබුන හිතත් එක්කම..

(මීට මාස 4කට පෙර,විභාගය ලිවිමට ආසන්නයේ..)

Sunday, April 8, 2012

ඔබ...මිත්‍රත්වය සමග පොඩි ෂොට් එකක්..මම..

              වැඩියෙන් හිනවෙන්නෙ අඩන්න ලන් උනාමලු...ඒ කතාවෙ කොච්චර ඇත්තක් තියෙනවද කියල හොදට දැනුන මගෙ හිතට ඊයෙ රෑ...ඒ ගැනයි මම කල්පනා කලේ අද දවසෙ උදේ පායපු ඉර හවස බැහැල යනකම්ම....
              මගේ මුනෙ සියුම් මස් පිඩු තාලයක් නොදන්නා නැටිල්ලක,ඇසි පිය කෙලවරක් නොපෙනෙන වැසිල්ලක..මම...සුපුරුදු ඇඩිල්ලක...කලින් මුන පුරා තිබුන හිනාව අහලකවත් නැහැ...හැමදාම කියනව වගේ ,නුඹ මහ පුදුම බලයක්...හිනහවෙන මගෙ සිතුවිලි රසායනයන් මොහොතකින් වෙනස්කරන්න ,මගේ ඇස් වලට වැසි වට්ටන්න නුඹට පුලුවන්..හැම කෙනෙකුටම කල නොහැකි,නුඹ පමන්ක්ම කල හැකි හාස්කමක්..නුඹ මගේ හිතේ කොටසක් නෙවේ,මුලු හිතම ..ඒනිසයි මෙච්චර හපන් කමක් ..
           කෙනෙකුගෙ කදුලු වලට,කතාවකට පුලුවන්ද තවත් කෙනෙක්ව වෙනස් කරන්න..??උත්තර දන්නා,මා විසින් නැවත නැවතත් මගෙන්ම අහනා ප්‍රෂ්නයක්...,හ්ම්ම්..පුලුවන්..හැබයි100%ක්ම නෙවෙයි..මම බලා පොරොත්තු වන අව පූර්නය..කවදාවත්ම සම්පූර්න නොවන අව පූර්නය..කෙනෙකුත පුලුවන් තමන්ගෙ ජීවිතයට සමීපතම පුද්ගලයෙක් නිසා වෙනස්වෙන්න,එහෙම සමීපතමයෙක්ව වෙනස් කරන්න..මෙතනදි මගේ බලාපොරොත්තුව ගිනි ගොඩකට ඇද දාන්න නෙවෙයි..පුන්ච් හරි ගින්නක් තියෙන නිසා,ඒකත් නිවල දාන්න..පුන්චි ගිනි කූරෙන් තමා මහ ගිනි අවිලෙන්නෙ...
             
            පොඩි ගින්න මහ ගින්නක් නොවන බව කවදාවත්ම..ඒ මගෙ හිතේ විශ්වාසය..නුඹේ මන්තරය... මේ ප්‍රශ්නෙ ඇදෙන හැම වෙලාවකම නුඹ කියනා වචන පෙල..මම දන්නව,සිහි නැතිවෙන තරමට නුඹ නොබොන බව කවදාවත්ම...,නුඹ නොබොන බව යලි කිදිනෙක -මට නොකියන බවත්..මම බලාපොරොත්තු වෙන හිස් බලාපොරොත්තුව..මිත්‍රත්වයට පොඩි ෂොට් එකක් නැතුව කොහොමද???මම තේරුම් ගත්,හිත මගේ නොතෙරුම් ගත්,තේරුම් ගත්තද අමතක වන..සදා නොවෙනස් ඇත්ත..
          
           මගේ හිතයි වැරදි..මගේ ඇසුයි වැරදි..එකමදේ අයෙ ආයෙත් අමතක කරනවට,අහන්න එපා මගෙන් තවමත් දුක්වෙනවද කියල..කාලය විසින් යට ගහන..කාලය විසින්ම ගොඩ අදින සදාකාලික මගෙ දුක..සමහර විටක,ජීවිත කාලයම මම නුඹෙන් දකින එකම වරද...

 (  ප.ලි.:ගොඩක් අයගෙන් ඇහුවම ඇයි බොන්නෙ කියල,ගොඩක් දෙනෙක් දෙන උත්තරයක් තමයි 'බොන අය අතරෙ අපි නොබිව්වොත්,ඒ අයත් එක්ක අපිට එකට ඉන්න අමාරුයි,ඒනිසා අපි බොනව කියන උත්තරේ.. එහෙම උත්තරයක් ලබුන වෙලාවට ජීවිතයට ගොඩක් සමීප කෙනෙක්ට මෙන්න මේ විදිහට හිතෙන්න පුලුවන් කියල හිතුන..)      
   

Thursday, February 16, 2012

ආදරනීය චාරිකාවක්....


      හීන් වැසි..පොද වැසි...ගිගුරුම් සහිත මහ වැසි...ඇගේ සිතටනම් වැටුනේ මල් වැසි...ගෙදරට පොඩි බොරුවක් කියල වෙනදට කලින් ගෙදරින් පැනගත්තු මදාරා අඩියට දෙකට පාරට දිව්වෙ පොරොන්දු වෙලවට වඩා දැනටමත් විනාඩි15ක් 20ක් ප්‍රමාද නිසා.,පාර පුරා දුවන වාහන අතරෙ ඇගේ ඇස් හෙව්වෙ ඇය කැමතිම පාටකින් හැඩවුන ඔහුගෙ  මොටර් රථය,"ඉක්මනට එන්න.."ඔහුගෙන් ලද හස්ත සංඤාව සමගම ඉක්මන් අඩියෙන් පාරෙ අනිත් පැත්තට ගියේ හීන් පොදයෙන් නොතෙමි ඉන්න වගේම කවුරුවත් දකියි කියන බයට..
ඔහුගෙ ඇස් රැදිල තිබුනෙ අගේ සායෙ.."හෙට එනකොට ටිකක් දිග සායක් ඇදන් එන්න" කලින් දවසෙ මදාරට ඔහුගෙන් ලබුන අණ..අණ හරියට පිලිපැදල..ඔහු සැක හැර දනගත්ත.."අපි යමුද?" හඩ මදාරගෙ,යන්නෙ වන්දනා ගමනක්..ආදරනීය වන්දනවක්..ඇය හිතින් "බුදුසරනයි"හිතුව..
      වැස්ස තව තද කරල..දැන් අපි හිතනවට වඩා වෙලාවක් යයි ගමනට..එහෙම කිව්ව මලිත් කිලො මිටර106 ගමනක් ගැන කල්පනාවක වැටුන..වැස්ස කපාගෙන මොටර් රථය ඉදිරියට ඇදෙනව..මදාරගෙ දකුනු අත මලිත් ගෙ වම් කකුල මත..හමදාමත් එකට ගමනක් යනකොට පුරුද්දකට වගෙ එහෙම තියාගන්නෙ හමදාම වගෙ අදත් මම ඔයාගෙ ලගම කියන්න වගෙ..ඔයාට බඩගිනිද?නැහ්..මලිත් පාරදිහා බලාගෙනම උත්තර දුන්නා..ඔයාට?නහැ, මදාරගෙ හඩ..ටිකකට ආයෙත් නිහැඩියාව රජවුනා. අතර මදාර හිතතත් එක්ක වෙන ගමනක..හිතිවිලි සයුරක ..ටිකටික වැඩිවෙන මදාරගෙ බඩගින්න ඇගේ සිතිවිලි වලට බධා කලා,'ඔයාට බඩගිනි නැද්ද??"අය ආයෙත් ඇහුව..නැහැ..මට බඩගිනිනී.. ඇයට වචනෙ දිගට කියවුනේ බඩගින්න වැඩිකමට වෙන්න ඇති,මලිත්ගෙ මුනෙ සමචිචල් හිනවක්..ඉතින්  කලින් කියන්න එපැයි..අපි ඉස්සරහින් නවත්තල කමු.,මලිත් යෝජන කලා....උදේට කන්න කියල මට ගෙනාපු කෑම වලින් මාලු පාන් එකකුයි කිඹුලෙකුයි මම එහෙමම බෑග්එකේ ඔබාගතත්,කන්න වෙලවකුත් නොතිබුන නිසා..මදාරගෙ මුනෙ පුන්චි හිනවක්..වෙලාවෙ හැටියට ඒකත් මරු..මගෙ අර්ථික තත්වෙ එචිචර හොද මදි ..මලිත්කිව්වෙ කටකොනින් හිනවෙමින්..දෙන්නම එකට හිනා උනා..සල්ලි වලට ගන්න බැරි  හිනාව,සතුට ජිවිතේ ලස්සන පැත්ත කියල දෙනව..ඔයා ඩ්‍රයිවි කරන්න..මම කවන්නම්..හ්ම්ම්..අයෙත් ඇගේ කට පුරා හිනාවක්..මලිත්ගෙ කට වටේම සීනි..කිඹුල්ලු කාල..ටිෂු කදසියකින් මලිත්ගෙ කට වටේ පිහදාන ගමන් ඇයට කදුලු එන්න ආව.ඇස් වලින් කදුලු පනින්න බලාඉන්න එක ආදරේ හැටියක්ලු..මෙහෙම ලගින් ඉදන් ආදරෙ විදගන්න වෙන්නෙ තව ටික කාලයයි..ආයෙත් යන්න වෙනව ලංකාවෙන් ගොඩක් දුරඈතකට..හමදෙම වෙන්නෙ හොදටනෙ,මදාර තනියෙම කියෙව්ව..හිතට..
                මග සලකුනු කියමින් ,වැස්ස අතරින්,වැහි අදුර මැද්දෙන් ඉදිරියට ඇදුන  ඔවුන්,වෙල් යායක් කෙලවර වෙන තැනක පරෙ අයිනෙ තිබුන පන්සලක් ගාව රථය නතරකලා..ඔහුගෙන් ලබුන රුපියල් විස්ස පින් පෙටිටියට දාල ඇය ප්‍රාර්ථනා කලේ කරදයක් නතුව ගිහින් එන්න ලබෙන්න කියල..සමහරවිට ඔහුත් ඒකම හිතන්නන ඇති..ආයෙත් වැස්ස තදකල නිසා දෙන්නම බගෙට තෙමිගෙන කාරයට ගොඩ උනා,කලින් දවසක මෙතැනදිම සිදු වුන අතීත කථාවක් කියාගෙනම මලිත් දාගෙන හිටි සපත්තු දෙක ගලවල බෑග් එකෙන් ගත්තු,කවදත් දෙපයට සනීපයි කියල දැනගෙන උන්න රබර් සෙරෙප්පු දෙකක් දාගත්ත..මොකද මදාර වගේම මලිත් ගෙදරින් පැනගෙන තිබුනෙත් අම්මට ලොකූ බොරුවක් කියල..මහ බොරු කාරයො දෙන්නෙක් වන්දනවෙ යනව..මදාර පටන්ගත්තු හිනාව මලිත් අවසන් කලා..
             ගමනට හිතුවත වඩා වෙලාවක් ගතවුනා..වැස්ස ඔවුන්ට හරස් වුන නිසාවෙන්ම..,"චිිරිස්"..පාර අයිනටවෙන්න තිබුන මඩ වලකටත් පැනල ඇසිලල්ලෙන් ඉගිලුනේ ත්‍රී වීල් එකක්..පරෙ අයෙනෙන් ගිය සුදු පාතට ඇදගත්තු ගෑනු ලමයෛක්ට මඩ වතුර ඉහගෙන...." පව් අර ලමය..මහ මෝඩයෙක්...,'අනුන්ගෙ දුක්ට පව් කියන අයත් අදකාලෙ හරි අඩුයි..මලිත්ගෙ ආදරනීය හිතට මදාර කවදත්ආදරේ කලා..
              එදා නිවාඩු දවසක් නොඋනත් නාගරික රථ ගා‍ල වාහන පිරිල,අමරුවෙන් තැනක් හොයල කර් එක පාර්ක් කරල ලොකු කුඩය එක අතකින්,  මදාරගෙ කරතට අනිත් අතදාගෙන එලියට ආව..හීනියට ආයෙත් පොදයක් වැටෙනව..අපි පින් කරන්න ආව නිසා වෙන්න ඇති..මදාර හිනා උනා..වැස්ස ටික ටික වැඩිකලා..තාලෙට වැටෙන වැහි පොදට තෙමිගෙන දෙන්නම නුවර වැව රවුමට ගොඩවුනා...කොච්චරනම් ආදරනීය හිත් මෙි වැව රවුමෙ අද අපි යනව වගේම ගමන් කරන්න ඇතිද.., ආදරනීය හිත් කීයක් අද එකතුවෙලා ඇත්ද..කියක් වෙන්වෙලා ගිහින් අත්ද..වැව දිහා බලාගෙන අඩිය ඉක්මන් කරන ගමන් මදාර හිතුව..
                                 වැසි වැටෙයි-හත්පස අදුරුයයි..
                                  නුඹ මටම උරුමයයි-ආදරය සොදුරුයි..
මදාර හිතින් කවි පද ඇමිනුව.. මදාර තනියෙම මලිත් එක්ක ගෙදර හොරෙන් ආව වැඩිම දුර..හිතේ කිසිම දුකක්වත් බයක් වත් නැහ..පිරිල ඉතිරිල යන සතුට   ඇගෙ මුලු හිත පුරාම දෝර ගැලුව..විශ්වාසා පරමා ඤාති--සංතුටිටි පරමන් ධනන්..බුදු දහමෙ කියන්නෙ එහෙම..මම අද යන්නෙ මගෙ ජිවිතේම කොටසක් එක්ක..ආදරේ කොචිචර සොදුරුද..ඇය තනි හිතට  හිතාගත්ත..මලිත්ගෙ විහිලු  ගොඩක් එක්ක දෙන්නම මාලිගාවෙ දොරටුව ලගටම ඇවිත්..
               මොන මල්ද ඔිනෙ??අපි සුදු නෙලුම් ගමු??,හ්ම්ම්..මල් දහයක් විතර තිබුන වටටියක් පෙන්නල පනහයි පනහයි කියල කෑගහන මල්කඩෙි කොල්ල,මල් ගන්න ගියාම සීයයි සීයයි කියන්න වුනා..මලිත්ට ටිකක් කේන්තියි.."මුන් මෙතන කරන්නෙත් බොරුවමයි..මට  ගන්න හිතෙන්නෙතත් නැහැ..මම දීල එන්නද?"..අනේ මොකුත් කියන්න යන්න ඔීනෙ නැහ, අරන් එන්න..අපි මොකටද මෙතනට අවිල්ලත් හිත් නරක් කරගන්නෙ..ඇය මලිත්ගෙ තරහ නිව්ව..මල් වත්ටිටියත් අරගෙන මාලිගවෙ දොරතටුවෙන් ඇතුල්වෙලා දෙන්නගෙම වතුර බෙිරෙන සපත්තු පාවහන් ආරක්ෂා කරන තැනට බාරදුන්න මලිත් මදාරතත් එක්ක දළදාව වදින්න මලිගාවට අතුලු වුනේ පහන් සිතින්..
              දෙන්නගෙම අතින් සුදු නෙලුම් මල් වට්ටිය පූජ කරල අත්දෙක නලලෙ තියල ,ඇස් පියාගෙන බුදුන් වැන්ද..මේ සංසාරෙ පතාගෙන එන ආදරයක්..මලිත්ගෙ ආදරේ හැමදාම මගෙ වෙන්න..ජීවිතේ කියන්නෙ දුක් ගොඩක් .  දේ මම හොදට වටහගෙන තියෙන්නෙ..ජිවිතේදි කිසිම දුකක් කරදරයක් නොවෙන්න කියල  ප්‍රාර්තනා  කරන්න බැහැ මට..එත් එන හැම දුක කටම කරදරයකටම  සාර්තකව මුනදෙන්න ශක්තිය ලැබෙන්න කියල ඇය ප්‍රාර්ථනා කලා..
තවත්වෙලා මෙතන ඉන්න වෙලා නෑ මදාර ,අපි යමුද?හ්ම්ම්ම්..යනගමන් මල් වත්තෙ ටිකක් අවිදල යමූ..මොකෝ මුන ඇද කරගත්තෙ??මගෙ කකුල් රිදෙනව වගෙ..ඒකියන්නෙ යන්න බෑ??ඇය ඇහුවෙ හිතේ නොතිබුන අමනාපයක් මුනෙ මවාගෙන..හරි හරි යමු..මලිත් ආයෙත් ඇගෙ අතින් අල්ලගෙන මාලිගාවෙ භූමියෙන් එලියට ආව..එලියට එන තැන කුනු වතුර ගලන කානුවෙ , පිරිසිදු කරන මනුස්සයෙක්..මහ වැස්සට තෙමිගෙන කානුව අස්කරනව මලිත් දිහා ඇගිල්ල දික්කලා...පව්..මදාර මුවින් පිට කලේ එකක වචනයයි..මේවගේ අසරන ජිවිත තව කොච්චර ඇත්ද.. මිනිස්සු ජීවිතය ගැටගහගන්න කොච්චර වෙහෙසෙනවද ..ඇය තනියෙම කල්පනා කලා..
             මේ  මාලුව මැරිල මම හිතන්නෙ..මෙහෙම පැත්තට ඉන්නෙ..මලිත් වැවේ ඉදිය ඉද හිට  පැත්තට පිනන මාලුවෙක් පෙන්නල පුන්චි විහිලුවක් කලා..මදාරට හිනායන්න ඔන්න මෙන්න.ඇය කට පුම්බගෙන හිනව තදකරගත්හ..වැවෙ ඈත කොන දිහා,වව් ඉස්මත්තෙ කදු යායෙ ඈතින් පෙනෙන ගොඩනැගිලි,වැවට නැවිල වතුරෙ නෑවෙන මාරගස්වල අතු රිකිලි,හාත්පස වැහි අදුර..මේ හැමදෙයක්ම මදාරගෙ හිතේ ලස්සන රෑප මැව්ව.. ලගින්ම ඉදගෙන කනට කරල මොනවදො බොරු වගයක් කියන මලිත් මදාරගෙ හිතේ මැවෙන රෑප වලට එකතු වුන පුංචි සන්ගීතයක් වගෙ.."මහත්තයා,සාස්තර කියනවා..",නෑ නෑ එපා..සුදු නෝනා සාස්තරයක් අහමු..මදාරට මහ හයියෙන් හිනා ආව..දෙන්නම අමරුවෙන් සාස්තර කරියන්ගෙන් බේරිල වැව් බැම්ම දිගේ ආයෙත් කාර් පාර්ක් එකට..දන්නවද මලිත් ,මම මේ වැව වටේම පයින් ගිහින් තියෙනව..හීනෙන්ද??බොරු නෙවේ අනේ..එහෙනම් බස් එකක වෙන්න අති..යනව යන්න ,මෝඩය..මදාර මුනෙ බොරු තරහක් මවා ගත්ත..
               උනු උනු පාන් ..පරිප්පු හොදි..ඔයාටත් සුවද දැනෙනවද??ලන්කාවට අවත්හරි පානුයි පරිප්පුයි කෑවෙ නෑ..හ්ම්ම්,මගෙ නහයටත් සුවද ආව,එන්නකෝ.. අපි සුවද දිගේ ගිහින් ගිහින් කඩේ හොයාගමු,මලිත් මදාරගෙ කරට අතකුත් දාගෙන ආයෙත් කාර් පාර්ක් එකෙන් එලියට..වෙලාව දවල් එකත් පහුවෙලා නිසා මදාරත්  හිටියෙ ටිකක් විතර බඩගින්නක..කාර් පාර්ක් එකෙ එක දොරකින් පිටවෙලා වටයක් කැරකිල දෙන්නම අවිත් තියෙන්නෙ අනිත්දොර ලගට..මේකනම්  කාලෙ නාස්ති කරල මල්වත්තෙ නොගිහින් යන්න මලිත් කල වැඩක්..දැන් නම් මදාරට අත්ටතම ටිකක් කෙන්තියි..ඉතින් මමත් දන්නෙ නැහැනෙ,මොකද  මම මෙහෙ නෙවේනෙ..මලිත් නිදහසට කරුනු කියන ගමන්..හිතේ තිබුන කේන්තිය දෙගුන තෙගුන කරල මුනෙ ඇදගත්තු මදාර මලිත්වත් ඇදගෙන කාර් එක තියෙන තැනට ගියා..අපි යමු..තවමත් මදාර කෙන්තියෙන් බව ඇය ඇගෙව්වෙ මලිත්ට තමන්ගෙ හිතේ තියෙන කෙන්තිය දැනෙන්න අරින්න ඕනෙ නිසා..
                 පේරාදෙනිය උද්බිද උද්‍යානය..ඒත් එක්කම වන්ගුව අයිනට වෙන්න වාහනේ නවත්වල දෙන්නම බැහැ ගත්ත..තවමත් වැහි පොද හීනියට වැටෙනව.. මල් වත්තෙ දොරටුවෙන් ඇතුලු වෙලා  ,හෙමින් අඩිය තියන ගමන් වටපිට ඉන්න මිනිස්සු ගැන මොකක් හරි ඇදයක් කියල හිනාවෙන්න මලිත් අමතක නොකලෙ ,තමනුත් කට ඇති පුතෙක් කියල ඔප්පු කරන්න වගෙ..අවුරුදු ගනනාවක් පුරා  සීතල පරිසරයෙ සැපට වඩුන මහ ගස් කොලන් වල අතු රිකිලි අහස වහගෙන විහිදුනා.. ගස්කොලන් වලින් වැටුන පුන්චි කහපාට කොලපාට දුඹුරුපාට කොල වලින් හැඩවුන පාර දිගේ මදාර මලිත්ගෙ අතේ එල්ලිලා හෙමිහිට අඩි මැන්න..මදාර හැමදාමත් ආස කල උසට වැවුන පාම් ගස් පාර..එක පැත්තකින් උසට පෙනෙන පාම් ගස් වල ඈත කොන පෙනෙන්නෙ කොටට..ඉස්කොලෙදි චි්‍රත්‍ර පන්තියෙ ඉගෙනගත්තු  පාඩමක් -අපරිමේය-අනේ මන්ද..හරියට නම මතක නැහැ..ඇය ගස් දිහා බලන් ඉදිය..කොහෙද මන්ද දුර ලොකු ගහක ඉදිය වවුලො වගයක් කෑගහගෙන ඉගිලිල ගියා..
               හාත්පස අදුරුයි..ලොකු රෑස්ස ගස් නිසා ..වැහි අදුර විසින් අදුර තව වැඩි කරල...ගස්වලට මුවා උනු ආදර වන්තයො..ආදරෙ කරනව??වෙන්න ඇති...මදාර තනියෙම හිතුව..මලිත්,මට කිස් එකක් ඕනෙ..හිතේ තෙරපුන පුන්චි අසාවක් ඇය අකුරු වලට හරවල මලිත්ගෙ කනේ තිබ්බ.. ඇය පුරුදු උන විදිහ..හරි කියල අයත හිතුන විදිහ..ජීවිතේ හරි කෙටියි,අපිට ඕනෙ කරන හැමදේම අනිත් කෙනගෙන්  හිතන වෙලාවටම ලැබේයි කියල අපි බලා පොරොත්තු වෙන එක අසාදාරනයි..මොකද මිනිස්සුන්ට අනිත් කෙනාගෙ හිත කියවන්න පුලුවනෑ??, නිසා ඕනෙ දේ කෙලින්ම කිව්වම ජීවිතේ කෙටි කාලේ  සතුටින් ඉන්න පුලුවන්,ඇය හිතුවෙ එහෙම...'ඉස්සර වගෙ නෙවේ..අපි දැන් ලොකුයි..එහෙම අපිට ඕනෙ විදිහට හැසිරෙන්න බැහැ ..අපි දිහා බලාගෙන ඉන්න අය ගැනත් අපි හිතන්න ඕනෙ..ඒනිසා......, වෙන වෙලාවක..මලිත්ගෙන් ලොකු  ලෙන්ගතු කථාවක්..මදාරට හිනහ යන්නත් එනව..ඒත් කියපු කථාව සම්පුර්න ඇත්ත..නිෂ්ෂබ්ධතාවයෙන්ම ඇය කථාව ස්ථිර කලා..මලිත්ගෙ අතේ එල්ලිලා උද්යානයෙ මල් තියෙන පැත්තට යන අතරෙ කවුරැත් පේන්න  නොහිටි තැනකදි ඇගෙ ඉල්ලිම නොහිතු වෙලාවක මලිත් ඉටු කලා මදාරගෙ තොල් පෙති මත පුංචි හාදුවක් ලෙසට..අපි යමු නේද?හ්ම්ම් යමු..තව හිටියොත් ගෙදර යන්න පරක්කුවේවි..ඇය කට කොනින් හිනා උනා..යන අතරෙ කොස් ගහක තිබුන පුංචි කොස්ගෙඩියක් ඇය කමරවෙ සටහන් කරගත්ත..මෝඩියේ ,ඔය කොස්..හ්ම්ම් ,කොස් තමයි.. ආයෙ අවුරුදු දෙකකට ලංකාවට එනකන් දකින්න නොලැබෙන කොස්..මදාර ටිකක් හයියෙන් හිනාවුනා..මදාරගෙ ඉනවට අත දාගෙන මලිත් පිවිසුම් දොරටුවට පියවර මැන්න..
             මදාරා,බඩගිනියි නේද??හ්ම්ම්..නැහ්..ඇයට කියවුනා..බඩගින්නට මගෙ මුන ඇද වෙලාවත්ද..අත්තටම මට බඩගිනියි..මදාර තනියෙම හිතුව..ලා කහ පාටට ,දුම් දම දම තැම්බුන ඉරිගු..පාරෙන් ටිකක් අයිනට කරල කාරෙක නතරකරල දෙන්නම  ගිහින් ඉරිගු අරන් ආව..තවත් ටිකක් දුරගිහින් හෙවනක  වාහනෙ නතර කරල දෙන්නම උනු උනු ඉරිගු වල රස බැලුව..ලුනු ටිකක් මදි..මලිත් ඉරිගු වල ගුන අගුන කිව්ව අතරෙ මලිත්ගෙ දුරකථනය නාද උනා.."කොහෙද මචන් ඉන්නෙ?",මම මදාර එක්ක ටිකකට නුවර ආව..දැන් එන ගමන්.. මලිත්ගෙ හොද යාලුවෙක්,'එහෙනම් මදාරත පරිස්සම් වෙන්න කියපන්"එහා කොනෙන් පොඩි විහිලුවක්..කථාව විහිලුවට කිව්වත් මලිත්ගෙන් පරිස්සම් වෙන්න තරම් බයක හිතිවිල්ලක් කවමදාවත් මදාරගෙ හිතට ඇවිත් තිබුනෙ නැහැ..මලිත් එක්ක ලෝකෙ අනිත් කොනට ගිහින් එන්න උනත් මදාරට පුලුවන් උනා..මදාර හැමදාම විශ්වාස කලා,-ඇත්තටම ආදරෙ කරනකොට කවදාවත් අනිත් කෙනාට හානියක් අගෞරවයක් එකිනෙකගෙන් අත්වැරදිමකින්වත් වෙන්නෙ නැහැ කියල..මලිත් කියන්නෙ මදාරට  මේ ලෝකෙ ලැබෙන එකම අවන්ක ආදරය..ඇය තුන් හිතින්ම විශ්වාස කලා..
            හ්ම්ම්..තුනත් පහුවෙලා..අපි කෑම කාල යමු..හ්ම්ම්..මොනවද කන්නෙ?ෆයිඩ් රයිස්??හ්ම්ම්..බොන්නෙ?කොක්??හා.. චිකන්  ෆයිඩ් රයිස් එකයි..කොක් එකයි..හැමදාමත් මලිත් මදාර මුනගැහුන දවසට ගත්තෙ එක කෑම එකයි..එකක් දෙකට බෙදාගෙන කන්න හරි එකම පිගානක  කන්න හරි දෙන්නම ආස කලා..අන්නසි පෙත්ත මදාරගෙ පිගානට බෙදන ගමන් "දැන් කෑවොත් විතරයි,තව ටික දවසකින් ඔයාට  අන්නසි තහනම් .. ඒක කරන්නෙ මම'මලිත්ගෙ කටකාර කටින් පුංචි විහිලුවක්..මදාර කට තදකරගෙන හිනා උනා..දෙන්නම ඉක්මනින් කෑම කාල එලියට බැස්සෙ අද පරක්කුවෙලා ගෙදර ගියොත් දෙන්නම අතේ මාට්ටු නිසා..
            උදේ තිබුන වැහි අදුරෙ කිසි වෙනසක් නැහැ..වෙලවෙ වෙනස ඇරෙන්න..පාර දෙපැත්තෙම රතු පාට ලොකු රඹුටන් ගොඩගහපු කඩ ආ මගේ හැඩ හුරැව වෙනස් කරල..රඹුටන් කමුද??හ්ම්ම්.. මලිත් ගෙනා රඹුටන් වලින් එක ගෙඩියක් දත් වලට තියල ලෙලි යවූ  මදාරට ආයෙත් මලිත්ගෙන් දැනමුතු කමක්..ඕවයෙ මොන ජරාව තියෙනවද  දන්නෑ??කටින්ද ලෙලි අරින්නෙ??හැමදාම නැහැනෙ..මදාරගෙ මුනෙ පුංචි දගකාර හිනාවක්..දෙන්නම බෙදගෙන රඹුටන් කෑව.වෙරලු ගෙඩිය හත්දෙනෙක් කෑවනම් අයි මේක අපිදෙන්නට මදිද..ඇය තනියෙම හිතුව..මේ ඉතුරු ටික මගෙ නෑනටයි අම්මටයි..මතක ඇතුව ගිහින් දෙන්න..ඇය මලිත්ට මතක් කලා..
                  වැහි අදුරෙ,පොද වැසි මැදින්..මග විස්තර කරමින් ,පරක්කු නිසා කෙටි මාර්ගවලින් ..දැන් මදාරගෙ ගෙදරට යන පාරලග,වෙනදට ගෙදර එන වෙලවට වඩා ටිකක් පරක්කුයි..ඇගේ හිතට දුකයි..ගෙදර යන්න නොහිතුනත් මලිත්ව දාල ,යන්න වෙනව..හිතයට වැටුනෙ වෙන්විමෙ දුකට කදුලක්.. කදුල ඇස්වලින් මතුවෙන්න ඇය ඉඩ නොදුන්නෙ මලිත්ගෙ හිතට දුකක් දැනෙයි කියල..ආදරනීය හිත් වලට කදුලු සම්පතක්ලු,ඇය හිතුවෙ එහෙමයි..ආදරෙන් ගතකල පැය කීපයක්..ආදරනීය චාරිකාවක් නිමයි..හදවතේ තැනක ආදරනීය මතකයක්..කවමදාවත් අමතක නොවන...මදරගෙ නලල මත පුන්චි හාදුවක් සීරුවට සටහන් කල මලිත්ට 'පරිස්සමෙන් ගෙදර යන්න'කියමින් සමු දුන්න..
 ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්-බුදු බන හැමදාම ඇත්තක්
 හිතේ මහ සතුටක්-වැටුනෙ අද මේ සොදුරැ වැස්සක්...
කවි පදයක් හිතින් ගොතමින් කිසිම අමුත්තක් නැතිව  පුරුදු විදිහටම ඇය ගෙට ගොඩවුනා....