පැය 14කට ආසන්න පියාසරියකින් පසු,පෙර කිසි දිනක පය නොගැසූ පොලොවක..මේ ජීවිතයේ හීනයක් නොවූ සැබෑවක්..ගුවන්තොටුපොලේ සිට,අවුරුදු 5ක තාවකාලික නවාතැන කරා..ඒ මාර්තුව,ශීත කාලයේ අවසන් මාස කීපය..ඒත් ඒ සීතල දරාගන්න අපහසු උනා,ගතට මෙන්ම සිතටත්...පහුවුන හැම ගහකම එක කොලයක්වත් නොතිබුනා මට මතකයි..සීතලට මිදුන දිය පාරවල්..කොලපාට ගහ කොලක් දකින්නවත් නැහැ...මගේ හිතට තනිකම දැනෙන්න ගත්ත..මේ කොහෙටද මම ආවෙ?ඇයි මම ආවෙ??මොකටද මම මේ ගමන ආවෙ??මම මගෙන්ම ප්‍රෂ්න කරගත්ත..උත්තර නැති ප්‍රශ්න වලක්..මමයි වැරදි කාරිය...මම නිසයි මට තනිවෙන්න වුනේ..හිතට බර වැඩියි දරාගන්න..මගේ ඇස් තෙමුන...
වසන්තය එනකම් ඇගිලි ගනින්නත් තව මෙහේ ඉන්නේ ඉතාම අඩු කාලයක්..වසන්තයේ සුන්දර චීනය..කොල හැලුන ගස් වල මුලින්ම මතුවෙන්නෙ පුන්චි මල් පොහොට්ටු...හරි ඉක්මනින් ලොකුවෙන මල් පොහොට්ටු,දවසකින් දෙකකින් මුලු ගහම මලින් බර වෙලා..කොල නැති මල් ගස්..ඊලග දවස් දෙක තුනේ මල් හලිල ගස් වල දලු දාන්න ගන්නව..බිම පුරා මල් පෙති..හෙමින් හිස ඔසවන පුන්චි දලු..මේ සුන්දරත්වය අනිත්ය මෙනෙහි කරන්න අපිව හුරු නොකරනව කියන්න පුලුවන්ද??
කහ පාට ,රතු පාට,සුදු පාට මල් පිපුන තාවකාලික නවාතැන..සීතලට ගල් ගැහුන අයිස් තට්තුව දියවෙලා ගිහින්..පුන්චි මාලු පැටවු පීනන්න පුරුදු වෙනව..වෙනදට අලසව හිටි තාරාවො විලේ පාවෙන ඔරු වගේ..වසන්තයේ සුන්දරත්වය විදගන්නේ අපි විතරක් නොවන බව පැහැදිලි කරනව..
මේ හැමදේම ගතින් විදගන්න මට අවසර තියෙන්නෙ තව ටික කාලයකට විතරයි..
තවත් එක වසන්තයක් පමනක් විදීමට අවසර ඇත මට..
සියල්ල අනිත්ය බව දනිමි,එනිසාම දුක් නොවෙමි....
නමුත් ,
චීනයේ සුන්දර වසන්තය සිතින් විදිනු ඇත මම ජීවිතය පුරාවටම..
ලොකුවෙලා මටත් එන්න හිතෙනව නිවාඩුවකට එහෙම...
ReplyDeleteඑන්න එන්න,හැබැයි ලොකුවෙලා එනකොට මම ඉදිවිද දන්නෑ..:)
ReplyDelete