Thursday, October 18, 2012

හිත-01

     තමුන්ගෙ ඇහේ තියෙන පොල්  පලාරෙ  දකිනවට වඩා අනුන්ගෙ ඇහේ තියෙන පොල් කෙන්ද දකින්න මිනිස්සු හරි කැමතියි,මනසින් උසස් කිව්වත් ඒ බහුතරයක් මිනිස්සුන්ගෙ හැටි..

     කොයි කවුරු අතිනුත් පුන්චි පුන්චි වැරදි වෙනවා,අත්වැරදීම් වෙනවා,එක එක්කෙනා අනිත් අය අතින්  සිදුවෙන වැරදි අඩුපාඩු වෙනනස් වෙනස් -ඒ ඒ අයට අන්න්‍ය ආකාරයකට තේරුම් ගන්නව..ඒ දේවල් මිනිස් ජීවිතවල අසාමාන්‍ය සිදුවීම් නෙවෙයි..ඒත්...,

     අත්වැරදීමක් නොවෙන,හිතා මතාම කරන දෙයක් ,නිතර නිතරම සිදුවෙනව නම්?ඒ දේවල් නිසා අපේ හිත් රිදෙනවනම්??රිදෙන බව දැන දැනත් ඒ අය එකම දේ ආයෙ ආයෙත් කරනවනම්??..ඒවගේ වෙලාවක ඒ දෙවල් ගැන හිතෙන එක අපිට ආයාසයෙන්වත් කල යුතු,කරන්න අමාරු දෙයක්....

 ඒ වගේ හිත් රිදීමක් තියෙන කාලයක,ගත යුතු හොදම පියවර??


 ඉවසීම..

කියන්න කෙනෙක් නැත්නම් බිත්තියකටවත් කියල හිත නිදහස් කරගෙන ඉවසීම.....රතුකට්ට පනිනකම්ම ඉවසීම..


       එහෙමත් අමාරුවෙන් ඉවසල ඉවසල,අන්තිමේදි අපිට වැරදි කරන අය ,අපේ වැරදි කියගෙන ඇවිත් අපිටම බැනල යනවනම්???
මොන දේටත් කලින් මගෙ හිතට එන්නෙ පුදුම කේන්තියක්,ඒ නිසා මට ඒ වෙලාවට මොනව කරන්නද කියල හිතන්න තියෙන ඉඩ කඩ අඩුවෙලා යනව..90%වෙලාවකදි මම කේන්තියත් එක්ක බැනුමකින්ම හැමදේම ඉවර කරනව..ඊලග විනඩියේ හරි ඊලග දවසෙදි හරි මට හිතුනත් -'අපරාදෙ මම මෙහෙම ඉක්මන් උනේ,මට තව ටිකක් ඉවසන්න තිබුනනෙ' කියල,එතකොට මම පරක්කු වඩියි..මට හිතෙන විදිහට මේ මගේ විතරක් නෙවේ බහුතරයක් මිනිස්සුන්ගෙ හැටි..


එක එක අවස්තා වලදි හිතට එන තරහට ඉක්මන් උනාට,මුනේ හිනාවක් නැතුව-රවාගෙන -ඔරවගෙන -ගොරවගෙන ජීවත්වෙන එක ගොඩක් අමාරු දෙයක්..අපි මිනිස්සු, අපි දැන් තරහ වුනත් කවදා හරි ඉදිරි දවසක අපි මිනිස්සු විදිහට ආයෙත් මුන ගැහේවි..අන්න එදාටත් කට පුරා හිනාවෙලා මනුස්ස කමට කතකරන්න පුලුවන්නම් ඒක තමඉ ලොකුම හපන්කම..

  තමන්ට අනිත් අය අතින් මොන වැරැද්ද වුනත් -හිනාවකින් හැමදේම අමතක කරල හැටි දැනගෙන ජීවත්වෙන චරිත ඉන්නව..ප්‍රශ්න ඇතිකරගන්න එපා,එයාල කරන දේ එයල අරගෙන යයි,අපිත් එහෙම වෙන්නෙ ඇයි, කියල උපදෙස් දෙන චරිත තියෙනව..ඇත්තටම මේ වගේ චරිත අපේ ජීවිතවල ජීවත්වෙන එක ,ජීවිතේ ඉදිරියට ප්‍රශ්න අඩුවෙන් පවත්වාගෙන යන්න අපිට ලොකු හයියක්..


අවසන් ලෙස,

ප්‍රශ්නෙකදි -ඉවසන්න..පුලුවන් උපරිමයටත් එහාට
තමන් නිවැරදි වෙලාවක,වැරදි කරුවෙකුට මෙන් සලකනවනම්-ඉවසන්න..
තරහින් තීරන නොගන්න වග බලාගන්න..
තරහ,සිතීමේ අවකාශය අඩු කරන නිසා..
ජීවිතයට ආදර්ශයක් ගත හැකි අයගෙන් ඒ ගුන ජීවිතයට එකතු කරගන්න..
මතක තියාගන්න,තමන් කරන හොද,නරක තමන්ටම බව..
මනසින් උසස් මිනිසෙක් ලෙස -මිනිසුන් සමග සිනහව බෙදා හදාගන්න..
දුර්ලබ ගුන ඇති මිනිසෙකු වෙන්න..




3 comments:

  1. එකඟ වෙමි!
    සහතික ඇත්ත ය!!

    ReplyDelete
  2. රැංගෝ, බොහොම ස්තුතියි..:)

    ReplyDelete
  3. ඔන්න එහෙනම් මම මුලින්ම මේ පැත්තට අද වැදුන...ආපහු එන්නම්කො..

    මගේ ගෙවල් පැත්තට ඇවිත් යන්න

    ReplyDelete