Monday, April 30, 2012

මේ නගරය ......


                     මේ නගරය මා ඔබ මුනගැසුන නගරයයි..
                     මේ නගරය මා ඔබ වෙන්කෙරුන නගරයයි..
  
             ලියන්න යන්නේ  සින්දුව ගැන  නොවෙයි...සමහර විටෙක සින්දුවේ අන්තර්ගතයටත් "මේ නගරයේ"කොටසක් වෙන්න බැරිකමක් නැහැ..අතීතයත් වර්තමානයත් අනාගතයත් එකලෙසම කථාකරන - "නගරයක්"...


            දහස් ගනනක් අයදුම් කරුවන්ගෙන් අතලොස්සකට පමනක් සරසවි වරම් හිමිකරදෙන උසස්පෙල..අපේ රට වගේ ,එදා දියුණු වෙමින් පැවතුන,අදටත් දියුණුවෙන,හෙටත් අදට වඩා වැඩි වෙනසක් නැති රටක නිදහස් අද්‍යාපනය තුලින් අපිට මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බැරිනිසා,ගෙදරට වෙලා හිත හදාගමු,එහෙමත් නැත්නම් තුන් සැරයක්ම කරන්න පුලුවන් එකේ තුන්වෙනි සැරෙත් ට්‍රයි කරමු..අතලොස්සකට පමනක් නිල වශයෙන් හිමි 'උගත්-බුධිමත්' බව..ඊටත් වඩා බුධිමතුන් සරසවි වරම් නොලබන පිරිස අතර ඉන්න,උසස් පෙල අසමත් බුධිමතුන් පිරිසකුත් නැතුව නෙවෙයි කිව්වොත් ??? ඒ කතාව සියයට සීයක්ම බොරුවක් කියල කාටනම් කියන්න පුලුවන්ද...?,බුද්ධිමතුන් වී උගතුන් වීමට නොහකි වීම 'අවාසනාව'ලෙස හදුන්වා හිත හදගමු..


         "ආයෙත් කරමු පුතේ.."සිහිනය හැබෑ කරන්නට අම්මාගේ වෑයම..,අවසානයේ වදෙන් පොරෙන් හෝ ,ස්ව කැමැත්තෙන්ම යලිත්  උසස්පෙල තරගයට..මුල්ම පියවර;තරග වැදීමට කැමති වීම,දෙවන පියවර;තමන්ගේ විශය මාලාවට අදාලව හොදයැයි නම් දැරූ පන්ති කීපයක් තෝරා ගැනීම..දෙවන පියවරේ ප්‍රතිපලයක් ලෙස ,හතරදිග්භාගයෙන්ම-තාරුන්‍ය-එකම නගරයකට.. 


        විද්‍යාව,ගණිතය,කලා,වානිජ...පන්ති ඉවර උනාම කූඹි ගුල ඇවිස්සුනා වගේ..සරසවියට පෙර සරසවිය..අවශ්ය්‍ය පොතක් පතක් ගන්න,දැනුම ලබාගන්න ,දැනුම බෙදා ගන්න,පොඩි චැට් එකකට හෝ ...අඩුම තරමින් එන තුරු මග බැලීමටවත්...,සරසවියට ගොඩ නොවැදුන කෙනෙක් ඉන්නවද??පන්ති ඉවරවෙලා ටවුන් එකේ කරක්නොගැසූ කොල්ලෙක්/කෙල්ලෙක් ඉන්නවද?පිට පලාතකින් ආපු කෙනෙක්ට මහජන පුස්තකාලේ අද්‍යන අන්ශය ගෙදර වගේ උනේ නැද්ද?? හිතේ හැටියට පාඩම් කරන්න්න,ඇතිවුනාම පොත කොට්ටෙට අරන් ටිකක් නිදියන්න..ජීවිතේ සුන්දර කාලයක් ලෙස බොහෝ අය කතාකරයි මේ කාලය,ඒ අයගෙ ජීවිත කෙලවරවෙනකම්ම..
          
          මේ නගරයට පැමිනීමත් එක්ක වැඩි පිරිසකට ජීවිතේ නිදහස ලැබිල,පෙර නොවිදි නිදහසක්..අවමයේ සිට උපරිමයක් දක්වා වූ නිදහසක්..අම්ම තාත්තගේ ලග ඉන්නකොට නොතිබුන නිදහසක්....ලැබුනු නිදස උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම..බොහෝ දෙනෙක් හිතන්නේ මේ ගැන.. 


    නිදහස..තිබුනට වැඩක් නැහැ  හරියට පාවිචි කරන්න නොදන්නවනම්..සමසේ විදගන්න නොදන්නවනම්...මෙහෙට එන ගොඩක් අයත් නොදන්නෙ ඔය ටිකමයි කිව්වොත්??මම වැරදිද??හැමෝම මෙහෙමයි කියල නෙවේ  කිව්වේ..කතා කලේ බහුතරය ගැන... 


      සුලු පිරිසක් තමන් මූලික කරගත් කාරනය තවමත් හිතේ තියගෙන ,සිහිනය සැබෑවක් කරගැනුමට දීර්ඝ කාලීන මෙහෙයුමක..වෙන වැඩ මොකුත්ම නැහැ..තවත් කෙනෙක් ආ කාරනේ වගේම ,ජීවිතේ පාට පිටුවක් පෙරලන්න ට්‍රයි එකක..ඒ කිව්වෙ ඔය කාලෙට හැමෝම කතාබහ කරන්නට කැමති -අකුරු හතරක්-හොයාගෙන ගිහින්..වැරදියි කියන්නත් බැහැනෙ..සමබර ජීවිතේකට ඕවත් එපැයි..ඔය කාලෙට හොයාගන්නෙ නැතුව හැරමිටියෙන් යනකොට ජීවිතේට හරියට ෆිට් වෙනවයි කියල හිතෙන අනිත් කෑල්ල හොයන්නයෑ...තවත් කොටසකට අවෙ මොකටද මතක නැහැ..පේන්නේ පාට පාට පිටු විතරයි..සමහරු එක පාට පිටුවක් විතරක් පෙරලල නිකන් හිටියට,තවත් අය පාට පාට පිටු ගොඩක් ජීවිතේ පෙරලගෙන,දෙදුන්නක්  වගේ වෙයි කියල හිතුවට අන්තිමට පාට ඔක්කොම එකතුවෙලා කලු පාට වුන ජීවිත නැතුව නෙවේද??තවත් පිරිසකට අලුත් සමාජෙක අලුත් යාලුවො සෙට් වෙලා..ආපු වැඩේ පැත්තක තියල පොඩි සොමියකට,වල බහින්න මුල් තැන දීල..තවෙකෙක් ආලෝකය හොයන් ආපු ගමන තමන්ටම නොදැන අදුරට ඇද දාල..ආයෙත් ආලොකයක් ගැන හිතන්නවත් බැරි විදිහට...හැබැයි ඉතින් ඔය මොන අඩවුව කස්තිරම ඇල්ලුවත් විභහගෙ තිතටම ගොඩදාන පිරිසකුත් නැතුවම නෙවේයි...


     අබියෝගාත්මක අගෝස්තුව..එක යුද්ධයක අවසානය වගේම තවත් යුද්ධයක මුල වෙන්නත් පුලුවන්...බොහෝ දෙනෙකුට අවසානය ප්‍රශ්නාර්තයක්?? 


           සිහිනය සැබෑ වූ අය-නුවර සිරි විදගන්න,කොලඹ අසිරිය දකින්න..රුහුනෙ ලුනු හුලගෙ රහ බලන්න හරි,අඩුම තරමෙ සබරගමුව පැත්නටවත්...බොහෝ දෙනෙකුට බොද වූ සිහිනය..තව කෙනෙක්ට පැහැදිලිව පෙනුන නිසාම ,'ඊලග සැරේ සැබෑ කරගනිමි' කියල හිතගෙන ආයේ යුද්ධෙට කොඩිය වනල...තවකෙනෙක් ආයෙ මොන  කටුක යුද්ධද කියල,ඒකාලෙ පෙරලපු පාටකොලයක් කොලේක ලියල තමන්ගෙම කරගෙන අලුත් සීතල යුද්ධෙක පැටලිලා..තව කොටසක් උන්න හැටියට මලා මදැයි රස්සාවක් හොයාගත්තොත් පරස්තාව අතලග කියල රැකියා පෝලිමේ...අනේ මම ඕව කලේ ගෙදරින් කියපු නිසා හෝ කරන්නම දෙයක් නොතිබුන නිසා කියන අය තමන් කැමති පාරෙ යන්න පටන් අරන්..ඔය අතරෙ පිසිසක් තමන්ම ,තමන්ගේ ජීවිතේ අනාගෙන ,තමන්ම කාල...


        මම මේ නගරයේ හතර මායිම් මෙහෙම සලකුනු කරන්නම්...-බෝ ගහ...නෝලිමිට්..ලන්කා බැන්කුවේ ප්‍රධාන ශාකාවක්..සම්මාන පොත් හල...


      හරිගියත් වැරදුනත් ,ජීවිතයේ ඉහතදී කියපු කාලයේ මේ නගරයට අඩිය තියපු කෙනෙක් ,ජීවිතේ අමතක කරන්න බැරි සිදුවීම්,මතක ගොන්නක් පොදිගහන තැනක් මෙතන...ජීවිතේ කෙලවරක් දකිනකම්ම සමහරෙක් මේ සුන්දර මතකයන් ගැන කතාකරාවි...


අතීතයේ මේ නගරයට ආගිය අයත් මේ අයුරින්ම මේ ගැන කතා කරන්නට ඇති..
වර්තමානයේ අපි මේගැන මෙලෙස කතාකරමු...
අනාගතයේදී ද මේ නගරය ගැන මෙලෙසටම කතාකරනු ඇත........

2 comments:

  1. කියවන්න බෑ ඕයි , ඇඩෙනව...
    කොහොමත් ඇත්ත කියද්දි රිදෙනවනෙ!

    ReplyDelete
  2. අඩ අඩා කියවන්නෝ..අපි ඔක්කොම මේකෙ කොටස්කාරයෝනේ..මාත් අඩ අඩා ලිව්වෝ...හික්ස්..:D

    ReplyDelete