බිම පුරා තැනින් තැන දුම් ගොඩක ඉතිරි අඩ
කාමරයෙ තැනින් තැන බෝතල්ය හිස්ව ගිය
තවත් එක මුල්ලකට ගුලි ගැසුන කොල ගොඩය
කාමරය,මගේ ලොව දෙකම උඩු යටිකුරුය....
දිගට හරහට වැවුන අපිලිවෙල රැවුල්කොට
කන්දෙකත් වසාගෙන ඝනව ඇති කෙස් ගොඩය
එහෙ මෙහේ හතර අත ඇදි නොඇදි වැරහැලිය
මා දුටුවොතින් දැනෙයි තනිකමේ විදවීම...
ඇස් තියන් හිස් අහසෙ, සිත දුවයි අතීතෙට
සරසවිය,මල් පාර,සෙවන දුන් අතු පතර
ඇය ගියා මා දමා අදුරුකර මගෙ ලොවම
යලි යලිත්,යලි යලිත් සිතීමේ ඵලය කිම..??
ඇස් කදුලු නොසැලුවද සිත පුරා ලුනු රසය
අනාගතයක් නොමැති, අතීතෙන් ඵල ඇත්ද?
විටෙක මැසිවිලි නගයි මගෙ සිතම, මා හටම
හෙට පටන් සිතමි මම,විදින්නට මේ තනිය....