වෙනද වගේ උහුලගන්න බැරි රස්නයක් නොතිබුන නිසමත් නෙවෙයි, වචනයෙන් කියල ඉවරකරන්න බැරි පාලුවක් හිතට දැනුන නිසයි නිදහස් තැනක් හොයාගෙන යන්න කියල හිතගෙන මම එලියට බැස්සෙ..වෙනද වගෙම සැපට දුකට හිට්ය බෑග් මල්ල මගෙ එක උරයක එල්ලුනා..විශ්ව විද්යාලයේ වත්ත මායිමෙන් එලියට ඇවිත් තාර පාරට වැටුන මම ඔහේ ඉදිරියට ඇදුන..වෙනද සීතලට කොල හැලිල නිරුවත්ව හිටි දූවිලි වැදුන ගස් වලට අලුත් ඇදුම් ලැබිල ,තාර පාරට උඩින් කොල පාටින් වියන් බැදල තිබුන..හිතෙ තිබුන පාලු,ඈලි මෑලි ගතියට ඒ හෙවන අස්වැසිල්ලක් උනා,මම ඔහේ ඉදිරියට ඇදුන..
වේගයෙන් ඇදෙන වාහන අතරින් පාරෙ අනිත් පැත්තට මාරුවුන මම,අදුරු පැහැ වතුර ගලපු දිය පාරට උඩින් වැටුන පාලමට ගොඩ වෙලා කලු පාට වතුරෙ එහෙමෙහෙ දුවන පුන්චි මාලු රන්චු දිහා බලන් හිටියා...අවට මොන තරම් ජීවත්වෙන්න නුසුදුසු උනත් උන් තමත් ජීවත්වෙන්න සටනක,.උනුත් අපි වගේ..මට හිතුන..
පලල් තාර පාර දෙපැත්තෙ උසට වැවුන කලු පාට කදක් තිබුන ගස් වල ලා කොලපාටට කොල හැදිල මුලු පාරම හෙවන කලා..අතරින්
පතර ගස් කොලන් අතරින් පෙනුන තට්ටු කීපයක් උස දේශන ශාලා..පේරාදෙනියත් මේ වගේ වෙන්නැති..නොගිය මම නොදන්නා,ගිය අයට මිහිපිට පාරාදීසය..මට හිතුන..
නිවාඩු දවසක් උන නිසාම ටිකක් වැඩියෙන් සෙනග ගැවසුනා..මම හොයපු නිහඩ තාවය හොයන් මම ඉදිරියට ඇදුන..වැදියෙන් ගැවසුන තරුන්ය,මගේ හිතෙ තිබුන පාලුව කලකිරිමේ ගතිය තව තවත් වැඩිකලා..ටිකක් විශාල පොකුනක එක මායිමක
සරුවට වැවුන මලින් පිරුන පාත්හි..අතරින් පතර විහිදුන අතු සහිත උස ගස්..සෙවනැති හැම තැනකම නිසොල්මන්ව හිදින ගල් බන්කු..'මේ පරිසය මගේ හිත නිවයි',මට හිතුන..ගහකට මුවාඋන නිසොල්මන්ව තිබුන ගල් බන්කුවක් මත ඉදගෙන ඔහේ පොකුනට
නෙත් රුවන් හිටිය..
ඇස් මානෙ තිබුන හැම බන්කුවකම තරුන ජෝඩුවක් ආදරයේ උනුසුම වින්ද..හොර රසේ මොන මොනවදෝ
කෙදුරුව..මේ කොදුරන්නෙ අතීතයද ගැනද,වර්තමානයද,එහෙමත් නැත්නම් අනාගතයට බලාපොරොත්තු ගොඩ ගහනවද,මගේ හිතේ තිබුනෙ ප්‍රශ්නාර්තයක්-දැක ඇති ,විද නැති ආදරයේ උනුසුම..මල්ලෙන් එලියට ගත්ත පොතක නොලියූ පිටුවක් හොයාගත් මම හිතට එන සිතුවිලි එක එක ඇමිනුව..ඒ ලියවුනේ කවියක්ද??අනේ මන්ද..වෙන්න ඇති..මාතෘකාව;'මට සිහිනයක් එය,සුන්දරව දකින'...තරුන ජෝඩුවක් ඉදගන්න තැනක් හොය හොයා පියවර තිව්ව..මේ බන්කුව
උඩ තනි මම
තනියෙම මොකටනම් තනිකම විදවනවද..ඒ දෙන්නට
ඉඩ දීල මම නැගිටල ආපසු හැරුන..
කොලපාට වියනෙන් හෙවන දුන් මග දිගේ පසු ගමන් කලා..එක සැරෙන්ම අහස කලු උනා..හීනියට
පොද වැටෙන්න ගත්ත..පොද වැස්ස මහ වැස්සකට හැරුන..ඒ වැස්සෙ
මම තෙමුන..ආදරෙත් මේ වගේ වෙන්නැති,නොහිතපු වෙලාවක මගේ ජීවිතේට ඒවි,පොද වැසි මහ වැසි වුනා වගේ වේවි,,ඒ ආදරනීය
වැස්සෙ මම තෙමේවි,අද වගේම..
තරුන ජීවිත ආදරයක් නැතිකම,ඒ නිදහස..,
ලොවක් ඉදිරියේ මහා උජාරුවෙන් වින්දත්,තනියෙම ඒ තනිකම විදවනව..හරියට මම වගේ,පෙම්වනුන් නොවුන,හුදකලා ජීවිත ගෙවන අනිත් අයටත් මට වගේම දැනෙනව ඇත්ද..??එකම එක ප්‍රශ්නයක් තියෙනවා අහල දැනගන්න ඕනෙ, ආදරය විදින අයගෙන්..ආදරය කරන අයගෙන්..'දැනෙන විදිහට ආදරය සොදුරු සිහිනයක් මට,හැබැහිනුත් එහෙමමද???